Monday, October 28, 2024
Follow Us
යුපුන් ඉතිහාසගත වෙයි

පොදු රද මඩුලු උළෙලේ මීටර් 100 ලෝකඩ පදක්කම ලංකාවට


රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමවත්ව තිබේ.

යුපුන්ට එම තරගය නිමකිරීම සඳහා ගතවූ කාලය තත්පර 10.14කි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් ලැබූ පළමු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙස යුපුන් අබේකෝන් ඉතිහාස ගත වෙයි.

මේ අතර කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 ඉසව්ව නියෝජනය කළ පාලිත එම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිකර දීමට සමත්විය.

Aruna