Monday, October 28, 2024
Follow Us
පොදුරද මඬුලු තරඟ බිමේ යුපුන්ගේ තීරණාත්මක දවස අද

බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 අවසන් පූර්ව වටයේ තරඟ අද පැවැත් වෙනවා. ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගී වන එම තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 11යි 55ට පමණ ආරම්භ වීමට නියමිතයි.

ඊයේ පැවති එම ඉසව්වේ මූලික වටයේ තරඟයකින් යුපුන් අබේකෝන් පළමු ස්ථානය දිනා ගත්තා. ඒ, තත්පර 10යි දශම 06කින් එම ඉසව්ව නිමා කරමින්.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා එංගලන්තයේ බර්මින්හැම් බලා ගිය ශ්‍රී ලාංකික ජූඩෝ ක්‍රීඩිකාවක් සහ එම කණ්ඩායමේ කළමනාකරු අතුරුදන්ව තිබෙනවා. ඔවුන් සොයා බර්මින්හැම් පොලීසිය සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Neth