Monday, October 28, 2024
Follow Us
ලොව න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙයි?

ජගත් මහලේකම්වරයාගෙන් අනතුරු ඇඟවීමක්


ඉදිරියේදී ලොව න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ අවදානමක් පවතින බව ජගත් සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් අනතුරු අඟවයි.

ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, රටවල් දෙකක් අතර වැරදි අවබෝධයක් ඇති වුවහොත් මෙලෙස න්‍යෂ්ටික යුද්ධයක් ඇති විය හැකි බවයි.

ඇතැම් රටවල් පීඩනයෙන් සිටීම ද න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමට හේතු විය හැකි අතර, ඊට හොඳ ම උදාහරණය යුක්රේනය සහ රුසියාව අතර පවතින යුදමය වාතාවරණය බව ජගත් මහලේකම්වරයා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික අවි හරණයට අදාළ ගිවිසුමට ඉන්දියාව, ඊශ්‍රායලය, උතුරු කොරියාව සහ පාකිස්ථානය මේ දක්වා අත්සන් කර නැති බවට වාර්තා වෙයි.

Aruna