Monday, October 28, 2024
Follow Us
ජනපති රනිල්ට පකිස්තාන ජනපතිගෙන් සුබ පැතුම්

ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාට පකිස්තාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි සුබ පැතුම් එක්කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් පකිස්තාන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ දෙරට අතර පවතින සබඳතා දෙරටේම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව, පවතින ආර්ථික අභියෝග ජයගනු ඇති බවත්, ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර සියලු ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉතා සමීපව කටයුතු කරන බවත් පකිස්තාන ජනාධිපතිවරයා යොමු කළ සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Neth