Monday, October 28, 2024
Follow Us
මියන්මාරය, හදිසි නීතිය ලබන වසර තෙක් දීර්ඝ කරයි

රට තුළ ක්‍රියාත්මක හදිසි නීතිය තවත් දීර්ඝ කිරීමට මියන්මාරයේ පාලක හමුදා ජුන්ටාව තීරණය කර තිබෙනවා. ඒ අනුව 2023 වසර දක්වා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක බවයි මියන්මාර හමුදා ජුන්ටාව නිවේදනය කළේ.



අවුන්සාන් සුකීගේ ප්‍රධානත්වයෙන් යුත් මියන්මාරයේ පැවැති රජය පෙරළා දමා ඉකුත් වසරේදී හමුදා ජුන්ටාව විසින් එරට පාලන බලය අල්ලා ගත්තා.

ඉන්පසුව ඔවුන් පැවසුවේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වා පාලන බලය රජයකට පවරන බවයි. කෙසේවෙතත් මෙතෙක් එවැනි කිසිඳු ක්‍රියාමාර්ගයකට ඔවුන් එළඹී නැහැ.

මියන්මාරයේ හමුදාව මේවනවිට පවසන්නේ රට ස්ථාවරත්වයට පත් කිරීමට තවත් කාලයක් අවශ්‍ය බවයි. කෙසේවෙතත් ජුන්ටාව විසින් මැතිවරණයක් පවත්වනු ඇතැයි යන්න සහ රජයකට බලය පවරනු ඇතැයි යන්න අවිනිශ්චිත බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ.

හමුදා පාලනය යටතේ ජනරාල් මින් අවුන්ග් විසින් එරට තුළ හදිසි නීතිය පනවනු ලැබුවේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේදීයි. ඉන් ලද බලතල අනුව ඔහු තමන් මියන්මාරයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ද ප්‍රකාශයට පත් කළා.

Neth