ලොවම වසග කරගත් යොහානිට ඉනිදියාව අමතක නොවෙන තෑග්ගක් දෙන්න යයි
මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොවක් දිනූ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානිට ඉන්දියාවේ සජීවි ප්‍රසංග දෙකක් සඳහා ඇරයුම් ලැබී තිබෙනවා.
සුපිරි සඳ නැතිනම් සුපර් මූන් ලෙස නම් කර ඇති එම ප්‍රසංගය ඉන්දීය සී මාධ්‍ය නාලිකාව මඟින් සංවිධාන කර ඇති අතර, ගුරුග්‍රාම් සහ හයිද්‍රාබාද්හි දී එම ප්‍රසංග පැවැත්වෙනු ඇති.
සැප්තැම්බර් 30 වැනි දා පළමු ප්‍රසංගය පැවැත්වෙන අතර, දෙවන ප්‍රසංගය ඔක්තෝම්බර් 03 වැනි දා පැවැත්වෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
යොහානි, සතීෂන් සමඟ ගැයූ මැණිකේ මගේ හිතේ ගීතය මේ වෙනවිට යූටියුබ් සමාජ මාධ්‍යයේ මිලියන 119 වාරයකට වඩා නරඹා ඇති අතර, බොලිවුඩ් පුරයේ මෙන්ම ලොව පුරා උන්මාදයක් බවට පත් ව තිබෙනවා.
(Aruna)