දිවංගත සංගීතවේදී සුනිල් පෙරේරා ශූරීන්ගේ ඉටි වලින් තනන ලද මූර්තියක් ලන්ඩනයේ අතිශයින්ම ජනප්‍රිය ඉටි මූර්ති කෞතුකාගාරයක් වන මැඩම් ටුසෝඩ්ස් කෞතුකාගාරයේ ඉදිකිරීමට අවධානය යොමුව තිබේ.
මේ සඳහා පෙරමුණ ගෙන තිබෙන්නේ ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතික ව්‍යවසායකවරයකු වන ෆලීල් මරික්කාර් මහතා විසිනි.
සංචාරක ආකර්ෂක ස්ථානයක් වන ලන්ඩනයේ මැඩම් ටුසෝඩ්ස් කෞතුකාගාරයේ බ්‍රිතාන්‍ය රාජකීය පවුල, හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පීන්, ගායන ශිල්පීන් ඇතුළු ලොව විවිධ ජනප්‍රිය චරිතයන්ගේ ඉටි වලින් තැනූ ජීවමාන බඳු පිළිම තැන්පත් කර ඇත. මෙම ඉටි මූර්ති සමඟ ඡායාරූප ගැනීමට සංචාරකයන් දැඩි ඇල්මක් දක්වනු දැකිය හැකිය.
ව්‍යවසායක මරික්කාර් මහතා දිවංගත සුනිල් පෙරේරා ශූරීන්ගේ සොයුරු පියල් පෙරේරා විසින් සකස්කරන ලද PowerPoint පෙළගැස්මක් ද මේ සඳහා යොදා ගැනීමට සූදානම් බව වාර්තා වේ.
ජාත්‍යන්තර සංචාරක වේදිකාවක් වන මැඩම් ටුසෝඩ්ස් කෞතුකාගාරය තුළ ශ්‍රී ලාංකේය සංගීත ලොවේ ජීවමාන පුරාවෘත්තයක් වූ සුනිල් පෙරේරා ශූරීන් වෙනුවෙන් ඉටි මූර්තියක් නිමවීම නිසැකවම මෙරට සංගීත වංශකතාවේ පරිච්ඡේදය ජාත්‍යන්තර දෘෂ්ඨිය ඉදිරියේ සනිටුහන් කිරීමක් වනු ඇත.
(LNW)