Tuesday, November 05, 2024
Follow Us
ජගත් මහා මණ්ඩල සැසිය අද ඇරඹෙයි - ජනපති සමුළුව ඇමතීම හෙට

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ වනවා.

මෙවර එහි තේමාව වන්නේ “කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්නයි.

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා රාජ්‍ය නායකයින් රැසක් මේ වන විට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත පැමිණ තිබෙනවා.

රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට සිය දේශනය සිදු කිරීමට නියමිතයි. එමෙන්ම 23 වනදා පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වනදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් පළ කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)