1950 ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා මහා බැංකුවේ 16 වෙනි අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා වැඩ ආරම්භ කළේ සිය මහ බැංකු දිවියේ දෙවන කාල පරිච්ජේදය ආරම්භ කරමිනි.
යහපාලන ආණ්ඩුව සමයේ ඇතිව තිබූ ආර්ථික වර්ධනයේ බැස්ම කොවිඩ් 19 වසංගතයත් සමඟ තවදුරටත් පල්ලම් බැස යමින් තිබෙන අතර මේ වන විට රට තුළ පවතින ආර්ථික බිඳවැටීම ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ප්‍රශ්නාර්ථයක් මතු කරමින් තිබේ.
අපනයන අදායම පිරිහීම, සංචාරක කර්මාන්තය බිඳ වැටීම,රුපියල අවප්‍රමාණය වීම,විදේශ ආයෝජන ප්‍රමාණවත් නොවීම මෙන්ම විදේශ සංචිත පෙර නොවූ විරූ ලෙස පිරිහීම, ණය කන්දක සිරවීම යනාදී ආර්ථිකමය තත්ත්වයන් මත සමස්ත ජාතික ක්‍රියාවලියම ඇත්තේ අර්බුදයකය.
එය සමස්ත ජනතාව කෙරෙහිම විවිධ වේශයන්ගෙන් පැමිණෙමින් තිබේ.
මෙම ආර්ථික පරිහානිය අභිමුව රටේ ආර්ථිකය මෙහෙයවන්නා ලෙස මහ බැංකුවේ මෙහෙයුම් ක්‍රියාවලියේ වෙනසක් වන්නේ ඊට මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ අධිපතිවරයාව සිටි වත්මන් ආණ්ඩුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයාව සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි අධිපති ධූරයට පත්වීමෙනි.
මෙකී පත්කිරීම සම්බන්ධයෙන් හොඳට සහ නරකට යන දෙකටම අදාළව විවේචන තවදුරටත් එල්ල වෙමින් පැවතියද කබ්රාල් මහතා මේ වන විට සිය රාජකාරී ආරම්භ කර අවසන්ය.
ඒ අනුව ඉදිරි මාස හයක කාලය සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික සැලැස්ම එළිදැක්වීම 2021 ඔක්තෝබර් 01 වැනිදා සිදුකිරීමට නියමිතය.
කබ්රාල් මහතාගේ මෙම පත්වීම ජාතික සහ අන්තර්ජාතික වශයෙන් දැඩි අවධානයට ලක්ව තිබෙන පසුබිමක ලොව සුප්‍රසිද්ධ Bloomberg ජාත්‍යන්තර පුවත් ඒජන්සිය ද කඩිමුඩියේම සිය කාලය කබ්රාල් මහතා වෙනුවෙන් වෙන් කර තිබුණි.
ශ්‍රී ලංකාවෙන් නව මහ බැංකු අධිපතිවරයාට වෙන් කර තිබුණේ මිනිත්තු 06 වැනි කාලයක් වුවත් අවසානයේ එම සාකච්ජාව මිනිත්තු 16ක් දක්වාම දිවයන්නේ එහි වැදගත්කම මනාව ඉස්මතු කරමිනි.
මෙහිදී ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සැලැස්ම සම්බන්ධයෙන් යම් ඉඟියක් ලබාදෙමින් මහ බැංකු අධිපතිවරයා ජාත්‍යන්තරය හමුවේ අවධාරණය කළේ පැහැදිලි හා නිශ්චිත ඉලක්ක කරා පාර්ශවකරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය ස්ථාපිත කළ හැකි බවයි.
මහ බැංකුව සිය ආර්ථික ස්ථායිතා මාර්ග සිතියම සකස් කරන විට එහි වැදගත්ම දෙය වෙළඳපල අපේක්ෂාවන් සපුරාලන ස්ථාවර බව වන අතර එය සහතික කරන බවයි ඔහු සඳහන් කළේ. වසංගතයේ බලපෑම හැකිතාක් දුරට අඩු කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි.
ආර්ථික ස්ථායිතා මාර්ග සිතියම මහ බැංකුව විසින් සකස් කරන විට වැදගත්ම දෙය ලෙස වෙළෙඳපොළ අපේක්ෂාවන් ඉටුකිරීම වැදගත් කොට සැලකීමෙන් වසංගතයේ බලපෑමද හැකිතාක් දුරට අවම කරගත හැකි බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
''පාර්ශවකරුවන් පැහැදිලි සහ නිශ්චිත ඉලක්කයක් කරා එකට එක්ව යන්නේ නම් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයක් ලබා ගත හැකිය'' යන ප්රශ්නය එම සම්මුඛ සාකච්ජාවට එක්ව සිටි තිදෙනෙකුගෙන් සමන්විත Bloomberg මාධ්‍යවේදී කණ්ඩායමේ කෙනෙක් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ප්‍රශ්නයක් යොමුකළ අතර එයට ඉතා අපූරු ලෙසයි කබ්රාල් මහතා පිළිතුරු දුන්නේ.
''ඔබ අනිවාර්යයෙන්ම විෂ සහිත කෝප්පයක් භාර ගන්නවා විය හැකිය," යනුවෙනුයි කබ්රාල් මහතා ඊට පිළිතුරු ලෙස පෙරළා පවසා සිටියේ.
මේ වන විට රටේ ආර්ථිකය පවතින තත්ත්වය ගැන ඉඟියක් ලබා දීමට ඔහු මෙම ප්‍රකාශයෙන් උත්සහයක් දරා ඇති බව පැහැදිලිය.
තවදුරටත් ඔහු සිය පිළිතුර මෙලෙස පැහැදිලි කරන ලදී.
''ආර්ථිකය ඉතා ශක්තිමත් ස්ථාවර තත්ත්වයකට පත්කර ගැනීම සඳහා අපට විශාල ශක්තියක් තිබෙනවා.අතීතයේද මෙවැනි තත්වයක් අපි දැක තිබුණා. නමුත් පැහැදිලි හා නිශ්චිත ඉලක්ක සහිතව සියලු පාර්ශවකරුවන් එකට වැඩ කළහොත් එම ඉලක්කයට යාමට හැකිවනු ඇති. ඒ ගැන මට විශ්වාසයි.'' යනුවෙන් මහ බැංකු අධිපතිවරයා පැවසුවේය.
පාර්ශවකරුවන් අතර පරස්පර විරෝධී අදහස්,අරමුණු සහ අපේක්ෂාවන් තිබිය හැකි වුවත් මෙම නොසන්සුන්කාරී තත්ත්වය මත ඔවුන් කෙසේ ඉදිරියට යා යුතුද යන්න නිසි මඟපෙන්වීමක් දිය හැකි බවද කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.
''විශේෂයෙන් මෙම නොසන්සුන්කාරී තත්ත්වය තුළ ඔබ සියලු දෙනා දන්නා පරිදි මහ බැංකුවට ඉතා වැදගත් කාර්යභාරයක් පැවරී තිබෙනවා. විවිධ වූ පාර්ශවකරුවන්ට විවිධ පරස්පර විරෝධී අදහස්, ඉලක්ක සහ අපේක්ෂාවන් තිබෙනවා. අපේ රැකියාව වනුයේ ස්ථාවරභාවයකට යන ගමන සඳහා මාර්ගය සැකසීම. අපි දින කිහිපයකින් මාර්ග සිතියමක් (වැඩපිළිවෙලක්) එළි දැක්වීමට නියමිතයි. මෙම නොසන්සුන්කාරී කාලයේදී ඔවුන් කෙසේ ගමන් කළ යුතුද යන්න පිළිබඳව පාර්ශවකරුවන්ට පැහැදිලි මාර්ගෝපදේශයක් එයින් ලබා දිය හැකියි. මට විශ්වාසයක් තිබෙනවා මෙය කළ හැකි බවට. කොහොමත් අභියෝගයන්ට මුහුණ දීමට අපි බලා සිටිනවා.'' යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සිය විශ්වාසය එලෙස වචනවලට පෙරළීය.
මෙහිදී සම්මුඛ සාකච්ජාවට එක්ව සිටි මාධ්‍යවේදියෙකු විමසුවේ ''ඔබ පැවසුවා දින කිහිපයකින් මාර්ග සිතියමක් (වැඩපිළිවෙලක්) ඉදිරිපතක්රන බවට. එහිදී ආවරණය කිරීමට බලාපොරොත්තු වෙන අංශ සහ ප්‍රතිපත්ති මොනවාද? යන්නයි.
එයට විගසින් පිළිතුරු දුන් කබ්රාල් මහතා කියා සිටියේ "පළමු හා වැදගත්ම කොටස ස්ථායිතාවයි.'' යන්නයි.
''බලාපොරොත්තු නොවන ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි බවට වෙළෙඳපොළට අපේක්ෂාවක් දීමට අපිට අවශ්‍යයි. අපේ රට තුළ අවබෝධය අතර පරස්පරයක් තිබෙනවා. යම් තරමකට අපි ඒ ගැන කනස්සල්ලට පත්වෙනවා. නමුත් මම විශ්වාස කරන්නේ පැහැදිලි මඟපෙන්වීමක් සහ නායකත්වයක් ලබා දෙන්නේ නම් අපට අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට හැකි හැකි'' බව යයිද මෙහිදී ඔහු සඳහන් කර ඇත.
''දෙවනුව වසංගතයේ බලපෑම් මෙන්ම අගුලු දැමීම හැකිතාක් දුරට සීමා කර ඇති බවට අපට සහතික විය හැකියි'' යනුවෙන්ද හෙතෙම කියාසිටියේය.
''අපි දැක තිබෙන්නේ 0.8%ක ඉතා පහත් අඩියක වර්ධනයක්. මට වැඩ ආරම්භ කර ඉදිරියට යාමට එය හොඳ ආරම්භයක්. උද්ධමනය අඩුකිරීම,ණය සහ විදේශ විනිමය තත්ත්වය අභියෝගාත්මක විය හැකියි.මම විශ්වාස කරනවා අපි හඳුන්වා දෙන නව පියවරයන් විශේෂයෙන් ණය නොවන ගලා ඒමේ පියවර අනුගමනය කිරීමෙන් මෙම අභියෝගයන්ට ද මුහුණ දීමට අපට හැකි වනු ඇති බව. වර්ධනය සහ හා ස්ථාවරභාවය එකට ගමන් කරනු ඇති. ආර්ථිකය යම් පැහැදිලි බවකින් ඉදිරියට ගෙන යන බවට අපිට සහතික විය හැකියි.''
මෙම සම්මුඛ සාකච්ජාවේදී ස්ථාවරභාවය සම්බන්ධයෙන්ද ප්‍රශ්න කෙරුණි. "මීට වසර 10 කට පමණ පෙර යුරෝපයේ (ඔබ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටියදී) යුරෝ වලට ස්ථාවරත්වයක් ගෙන ඒමට මයූ ඩ්රැගි එළියට පැමිණ අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට තමා සූදානම් බව පැවසුවා. මෙම වෙලඳපොලවල් කෙරෙහි විශ්වාසය තැබීමට ඔබට තිබෙන තේරීම් මොනවාද? මුදල් මුද්‍රණය කිරීම සහ වත්කම් මිලදී ගැනීම හැර රජයට සහ මූල්‍ය තත්ත්වයට කිසිවක් සිදු නොවනු ඇති?
මහ බැංකු අධිපතිවරයා ඊට පැහැදිලි ලෙස පිළිතුරු දෙමින් පැවසුවේ ''ඔබ හරියටම හරි. ඕනෑම මහ බැංකු අධිපතිවරයෙක් ස්ථාවරත්වයේ ඉලක්කය ඔහුගේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම තබා ගන්නවා. මම එයට ඔවුන්ට දොස් කියන්නේ නැහැ. නිවැරදි මාර්ගය මම අනුගමනය කරනවා. එම අවස්ථාවේදීම සිදුවෙමින් පවතින දේ දැකීමට මම කැමතියි. ස්ථාවරභාවය පිළිබඳ පණිවිඩය තහවුරු කර ගැනීම, සහතික කිරීම, සමහර විට අපේක්ෂාවන් මෙන්ම මිනිසුන්ගේ කනස්සල්ල ද අස්ථායිභාවයක් ගෙන දිය හැකියි. පළමු පණිවිඩය වන්නේ ඒ සමඟම සෑම පාර්ශවකරුවෙකුම කුමක් කළ යුතුද යන්න පිළිබඳව දැනුවත් විය යුතු බවට අපි වග බලා ගත යුතුයි.මෙහිදී මම කතා කරනවා අපනයනකරුවන්, ආනයනකරුවන්,ණය ගන්නන්,ණය දෙන්නන්,රජය, ජනතාව, මුදල් එවන අය සහ මුදල් ලබමින් සිටින අය ගැන. මේ සියලු දෙනාටම විවිධ අවශ්‍යතා තිබෙනවා. සියල්ලම නොවුණත් යම් ආකාරයකින් මෙම අවශ්‍යතා තෘප්තිමත් වන බවට අපි වග බලා ගත යුතුයි. එසේ කිරීමෙන් යම් අපේක්ෂාවක් මෙන්ම මඟපෙන්වීමක් තිබෙන බව අපට පෙනී යනු ඇති. එම මඟපෙන්වීම අපි ආර්ථිකයට ලබා දෙනවා.'' යනුවෙනි.
මෙහිදී මුදල් මුද්‍රණය ගැන කළ විමසීමට පිළිතුරක් ලෙස මහ බැංකු අධිපතිවරයා පැවසුවේ එය ලොව පුරා මහ බැංකු සිදුකරන උපායක් වන අතර එය මෘදු ලෙස නැවත හැරවිය යුතු තත්ත්වයක් බවද සියලුම මහ බැංකු දන්නා කරුණක් වන බවයි.
මෙහිදී යළිත් කබ්රාල් මහතාට ප්‍රශ්නයක් ලෙස යොමු වන්නේ වත්කම් මිලදී ගැනීම සහ මුදල් මුද්‍රණය කිරීම ගැන සක්‍රීයව සලකා බලන්නේද යන්නයි.
ඇත්තවශයෙන්ම නැහැ යනුවෙන් පිළිතුරු දුන් කබ්රාල් මහතා එය මෙලෙස පැහැදිලි කර සිටියේය.
"මුදල් මුද්‍රණය කිරීම මේ වන විටත් සිදු වී තිබෙනවා මගේ කාර්යය වන්නේ ආර්ථිකයට කිසිදු වේදනාවක් හා පීඩනයක් ඇති නොකර මෘදු ලෙස පිටුපසට ඇද ගැනීමයි. එයට කිසිදු පීඩනයක් මුල් කර නොගැනීමට මම වගබලා ගන්නවා. එසේ කිරීමෙන් අපි වෙළෙඳපොළට පැහැදිලි පණිවිඩයක් ලබාදෙනවා වර්තමාන වාතාවරණය හේතුවෙන් උද්ධමනය පිළිබඳ අපේක්ෂාව කිසිඳු ආකාරයකින් උද්දීපනය නොවන පරිදි අනාගතයේදී උද්ධමනය අඩු කිරීම ගැන අපි දැනුවත් බවට.''
වසංගතය හේතුවෙන් භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව මඟින් මිලදී ගත යුතු තත්ත්වයක් ඇති වූ බව සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා පැවසුවේ මෙය වෙනත් බොහෝ රටවල ද ක්‍රියාත්මක වූ බවයි. කෙසේ වෙතත්, මෙය ස්ථිරසාර විසඳුමක් නොව තාවකාලික විසඳුමක් බවත් ඔහු සඳහන් කරන ලදී. ඉදිරි මාස කිහිපය තුළදී නිශ්චිත සැලැස්මක් මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාව එය ලිහිල් කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව,ප්‍රමාණය පිළිබඳ, කාලය පිළිබඳව මුහුණ දීමට සිදු වන වැදගත් අභියෝගයක් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මේ අනුව දේශපාලනික මෙන්ම ස්වභාවික හේතු මත බිඳ වැටී තිබෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීම ගැන නව මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලෝකය හමුවේ යම් බලාපොරොත්තුවක් දල්වා තිබේ.
එය කුමන හැඩයක්, කුමන මාර්ගයක් ගනු ඇතිද යන්න පිළිබඳව මෙරට ජනතාව පමණක් නොව ලෝකයම ඉතා අවදියෙන් බලා සිටින බව නම් පැහැදිලිය.
(LNW)