Tuesday, November 05, 2024
Follow Us
අගමැති අද ජී 20 අන්තර් ආගමික සමුළුව අමතයි

මෙවර ජී 20 අන්තර් ආගමික සමුළුව ඉතාලියේ බොලොඤ්ඤා නුවරදී අද ආරම්භ වනවා.

එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්.

ඒ, ප්‍රධාන දේශනය පවත්වන ලෙස අග්‍රාමාත්‍යවරයාට කළ ආරාධනයකට අනුවයි. මෙවර ජී 20 අන්තර් ආගමික සමුළුවේ තේමාව වී ඇත්තේ “සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය” යන්නයි.

ජී 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සඳහා ඉතාලියට ගොස් සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී රාජ්‍යතාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු හමුවීමට ද නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

(Neth)