Sunday, October 27, 2024
Follow Us
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හදිසියේම ලංකාවට – විදේශ ලේකම් ජයනාත් කොළඹගේ

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් යන ඇමරිකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් දෙදෙනා තව සති දෙකකින් ශ්‍රී ලංකාවට සැපත්වන බවට විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා විසින් එළිදරව් කොට ඇත.

එම දෙපළ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේදී ඉහළ පෙළේ සාකච්ඡා වටයකට සහභාගී වීමෙන් පසුව බවද වාර්තා වේ.

ඉන්දියාව සහ ඇමෙරිකාව අතර චීන විරෝධී ආරක්ෂක එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා එම සාකච්ඡා සිදු කෙරෙන බවද වාර්තා වේ.

2015 දී රාජ්‍ය ලේකම් ජොන් කෙරීගේ ආගමනයෙන් පසුව ඇමෙරිකානු ඉහළ රාජ්‍ය නිලධාරියෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන අතර ඒ මඟින් චීන විරෝධී ක්‍රියාන්විතයක් සඳහා ශ්‍රී ලංකාවට බලපෑම් කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ අපේක්ෂා කරති.

(Lanka LEads)