Sunday, October 27, 2024
Follow Us
තරුණයෙකු ශ්‍රී ලංකාව වෙනුවෙන් එ.ජා මානව හිමිකම් කවුන්සිලය අමතයි

ස්විස්ටර්ලන්තයේ හිරු මාකවිටගේ මෙවර ජිනීවා සැසියේ ඉංග්‍රීසි භාශාවෙන් කතා දෙකක් ද, සැසිවාරය සදහා කරන ලද අවසන් කතාව ප්‍රංශ භාශාවෙන් ද දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිදු කරනු ලැබීය.

විදේශයක ඉපිද ශ්‍රී ලංකාවෙන් බැහැරව විදේශ්ගතව ජීවත් වුවත් ඉතාමත් කැපවීමෙන් මේ ලංකාව වෙනුවෙන් කතා කරන්නට ඉදිරිපත් වන මේ නව යොවුන් තරුණයින්ගේ කැපවීම සැමගේ ම ඇගයීමට ලක්විය යුතුමය.
මේ අසීරු අවස්ථාවේ තරුණ වියේ පසුවන හිරු මාකවිටගේ ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතා එම දේශනයන් කිරීම අගය කොට සැලකිය යුතුය.

එහිදී ඔහු ඉංග්‍රීසි බසින් කරන ලද කතාවේ අන්තර්ගතයේ ඉතා වැදගත් කොටස් කිසිපයක් මෙසේය.

“ඇමරිකාව එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීම දෙමල ඩයස්පෝරාවට 2021 මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සම්මත කර ගැනීම අසීරුය.”

ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සම්මත කර ගැනීමේ කටයුත්තේ මුලිකත්වය බ්‍රිතාන්‍ය විසින් ගන්නා ලදී. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කර ගැනීමට සාමාජික රටවල් 47කගේ කැමැත්ත අවශ්‍ය වේ.

එල්.ටී.ටී. න්‍යායචාරව සිටි ඇන්ටම් බාලසිංහගේ බිරිද ඇඩෙලා බාලසිංහම් එල්.ටී.ටී. සංවිධානයට ළමා සොල්දාදුවන් බඳවා ගැනීමට මුලිකත්වය දුන් බව මේ වන විට මුළු ලෝකයම දන්නා කරුණකි. ළමා සොල්දාදුවන් බඳවා ගැනීම යුධ අපරාධයකි.

කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනා සම්මත කර ගැනීමට කටයුතු කරන්නේ සැබෑ ලෙසම මානව හිමිකම් මුල් කොට ගෙන නොව ශ්‍රී ලංකාවට එරෙහි ඔවුන්ගේ පටු ආකල්ප මුල් කොට ගෙනය.”

(Lanka Leads)