Sunday, October 27, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනීය අධිකරණ ඇමති හමු වෙයි

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනී රීටා ජී. මැනෙල්ලා (Rita Giuliana Manella) මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවත්විණි.

දෙරට අතර අධිකරණ සහයෝගිතාවය ඇති කිරීම පිළිබදව අදහස් හුවමාරු විය. මෙරට අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉතාලි රජය ලබා දෙන සහයෝගය අගය කරන බව අධිකරණ අමාත්‍යවරයා එහිදී සදහන් කළේ ය.

අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම සදහා වත්මන් රජය ගෙන ඇති පියවර අගය කරන බවත් මෙරට අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට
උපරිම සහයෝගය පළ කරන බවත් තානාපතිනිය සදහන් කළාය.

(news.lk)