Sunday, October 27, 2024
Follow Us
ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොරෝනා - ලෝක සෞඛ්‍ය සංවිධානය

ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති විශේෂ රැස්වීමකදී එම සංවිධානය මේ පිළිබඳ අනාවරණ කළා. ඒ අනුව ලොව අතිමහත් බහුතරය මෙම කොරෝනා වසංගත තත්ත්වයේ අවධානමට මුහුණ දි සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේ.

ලොව පුරා සිටින පුද්ගලයින් තුන් කෝටි 56 ලක්ෂයකට වඩා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි මේවනවිට තහවුරු වී තිබෙනවා.

එහෙත්, ලොව පුරා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති පුද්ගලයින් ගණන එම සංඛ්‍යාවට වඩා බොහෝ සෙයින් වැඩි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හමුදා රෝහලකට ඇතුළත් කර සිටි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, එම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ වෛද්‍ය උපදෙස් අනුව ජනාධිපතිවරයා එලෙස ධවල මන්දිරය වෙත පිටව ගොස් ඇති බවයි. තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, හැකි ඉක්මනින් යළි ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා එක්වන බවත්, ජනාධිපති ට‍්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

එසේම කොරෝනා වෛරසයට කිසිසේත් බිය නොවන ලෙසයි ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, සියලූම අමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කළේ.

(Neth)