Sunday, October 27, 2024
Follow Us
රුසියානු වෛද්‍ය විද්‍යාල තුනක් අනීතික ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචියෙන් ඉවත් කිරීමෙන් පූර්ණ කාලීන ශීෂ්‍යත්ව අහිමිවීම.

තම දරුවා විශ්ව විද්‍යාලයකට ඇතුලත් කිරීම සෑම දෙමව්පියෙකුගේම සිහිනයක් වූවත් මෙරට උසස්පෙල සමත්ව විශ්ව විද්‍යාල වරම් ලබන සියලුම දෙනාට විශ්ව විද්‍යාලයකට ඇතුලත් වී උපාධියක් ලබා ගැනීමට අවස්ථාව නොමැත. සෑම වසර උසස්පෙල විභාගයට පෙනී සිටින ළමුන් අතරින් 62% ප්‍රමාණයක් උසස්පෙල සමත් වී විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන නමුත් විශ්ව විද්‍යාලයකට ඇතුලත්වීමට වරම් ලබන්නේ 8% කටත් අඩු ප්‍රමාණයකට පමණි. ඊට හේතුව නම් විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත්වන සියලුම දෙනාව විශ්ව විද්‍යාලයකට ඇතුලත් කර ගැනීම සදහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසාය.


වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍යයේ දැක්ම හි 21 පිටුවේ මේ බව පැහැදිලිව සදහන් කර ඇත.( තම දරුවන්ට උපාධියක් ලබා දීම සෑම දෙමාව්පියෙක් වගේම අපේක්ෂාව වෙතත් දැනට උසස් පෙළ සමත් සිසුන් ගෙන් විශ්වවිද්‍යාල වරම් ලබන ප්‍රමාණය පිළිබඳ කිසිසේත්ම සෑහීමට පත්විය නොහැකිය)
එසේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට නොහැකි පිරිසෙන් යම් පිරිසක් මෙරට වෘත්තීය අධ්‍යාපන ආයතනවලට හා පුද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුලත් වී උපාධි පාඨමාලා හදාරනු ලබන අතර තවත් කොටසක් විදේශීය විශ්ව විද්‍යාලවලට ඇතුලත් වී සිය උපාධිය ලබා ගනී.
ලෝකයේ වෙනත් රටවල් විසින් සිය මිත්‍රශීලී රටවල් වල සිසුන්හට උපාධි පාඨමාලා හැදෑරීම සදහා සිය රටේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යත්ව පිරිනමනු ලබයි.
රුසියාවද 1960 වසරේ සිට මෙරට සිසුන්හට එරට විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සදහා සෑම වසරකම පූර්ණ කාලීන ශිෂ්‍යත්ව පිරිනමනු ලබයි. රුසියාව විසින් 2020 වසර සදහා එරට ප්‍රමුඛ වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සදහා පූර්ණ ශිෂ්‍යත්ව පහක් මේ වසරේ ලබා දී ඇත. ඒ සදහා වන සිසුන් තෝරා ගැනීම සදහා වන දැන්වීම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙ වෙබ් අඩවියේ හා රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පළකරන ලද අතර ඊට ඉල්ලුම් කල සිසුන් අතරින් ශිෂ්‍යත්ව සදහා ශිෂ්‍යශිෂ්‍යාවන් පස් දෙනෙක් තෝරා ගෙන ඇත. එම ඉල්ලුම් පත් කැදවන ලද අවසාන දිනය වූයේ 2020/05/21 දිනය.
කිසියම් විදේශීය වෛද්‍ය විද්‍යලයක අධ්‍යාපනය ලබා මෙරටෙහි වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට නම් අදාල වෛද්‍ය විද්‍යාලය මෙරට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙහි ලියාපදිංචි වී සිටීම අනිවාර්යය විය යුතුය. මෙවර වෛද්‍ය සිසුන් සදහා ශිෂ්‍යත්ව පිරිනැමූ විශ්ව විද්‍යාල තුනද ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ඇත්තේ වසර ගණනාවකට පෙරය. ඉන් එක විශ්ව විද්‍යාලයක් 2017 වසරේදී හොදම විශ්ව විද්‍යාලයක් බවට අප වෛද්‍ය සභාවම සහතික ලබා දී ඇත. 2020/06/21 දින පැවැත්වුනු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ 613 වන සාකච්ඡාවේදී හදිසියේ තීරණය කරන ලද්දේ රුසියාවේ විශ්ව විද්‍යාල 3 නක ලියාපදිංචිය කිසිම හේතුවක් නොමැතිව අත්හිටුවීමටය. එම විශ්ව විද්‍යාල තුන වන්නේ
01.Peoples Friendship University Russia
02. Pirogov Russia National Research Medical University
03.Tver State Medical University Russia
මෙම විශ්ව විද්‍යාලවලින් එක් විශ්ව විද්‍යාලයක් වසර 110 ක් පැරණි විශ්ව විද්‍යාලයකි. තවත් විශ්ව විද්‍යාලයක් වසර 60 ක් පැරණිය. ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව වැනි රටවල් වල වෛද්‍ය සභාවල් විසින් මෙම විශ්ව විද්‍යාල පිළිගෙන ඇත.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව විසින් මෙම විශ්ව විද්‍යාලවල ලියාපදිංචිය හදිසියේ අවලංගු කරන්නේ කිසිදු හේතුවක් නොදක්වා වන අතර විදේශීය වෛද්‍ය විද්‍යාලයක ලියාපදිංචිය අවසන් කරන්නේ නම් හෝ ඒ පිළිබදව ගැටලුවක් ඇත්නම් කටයුතු කල යුතු ආකාරය 1987 අංක 19 මෙඩිකල් ඇමන්ඩ්මන්හි පැහැදිලිව සදහන් කර ඇත. එම සංශෝධනයට අනුව පළමුව කල යුත්තේ එම විශ්ව විද්‍යාල පිළිබදව සොයා බැලීම සදහා එම රටට වෛද්‍ය සභාවේ නියෝජිතයින් පිටත්කර හැර ඒ පිළිබදව සොයා බලා වාර්තාවක් ලබා ගෙන ඉදිරිපත් කිරීමයි.ඊට පසු පුලුල්ව ඒ පිළිබදව සොයා බැලීම කර නිර්දේශයන් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කල යුතුය. ඉහත විශ්ව විද්‍යාල තුන ලියාපදිංචියෙන් ඉවත් කිරීම සදහා ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව පනතේ සදහන් එකදු පියවරක් හෝ අනුගමනය කර නැත.
මේ පිළිබදව ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ සභාපතිවරයා සදහන් කරන ලද්දේ අත්වැරදීමකින් සිය සභාවේ වෙබ් අඩවියෙන් එකී විශ්ව විද්‍යාල තුන ඉවත් වී ඇති බවයි.
මාසයකට ආසන්න වුවද එම අත්වැරදීම තවම නිවරදි කර නැත. තවද ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලේඛකාධිවරයා පකාශ කරන්නේ එම විශ්ව විද්‍යාලවල ලියාපදිංචිය ඉවත් කල බවයි.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ මෙම ක්‍රියාකලාපය නිසා මෙම විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සදහා රුසියානු රජයෙන් පූර්ණ කාලීන ශිෂ්‍යත්ව ලැබ සිටින සිසුන්හට එම විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ගිලිහීගොස් ඇත.
මීට පෙර රුසියාවේ වෛද්‍ය විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබ මෙරටට විශාල සේවයක් කරන මහාචාර්යයවරැන් හා වෛද්‍යවරුන් රාශියක් ඇත. එයින් කිහිපදෙනෙකු වන්නේ
Prof. Jayanthalal Ratnasekera, Vice Chancellor, Uva Wellassa University.

Senior Prof. K. D. U. Ranaweera, Sri Jayawardenapura University.

Medical Consultants-
Dr. Hector Weerasinghe - former director general national hospital of Srilanka

Dr. Nayana Perera, Consultant Dermatologist.

Dr. Supriya Peiris, WHO Consultant.

Dr. P. V. Ramanayaka, Consultant Paediatrician.

Dr. Athula Ratnayaka, Consultant Anaesthesiologist, NHS, UK.

Dr. Eranga Haththotuwa, Consultant Cardiologist, USA.

Dr. Janaki Fonseka, Consultant Geriatrician, USA

Dr. Sashi Gnana and Narmada, Consultants in the NHS, UK.

Dr. Channa Perera, Consultant Forensic Medicine.

Dr. Senaka Wijekoon, Consultant Anaesthetist,

Dr. Janaki Warusahendi, Consultant Anaesthetist, Karapitiya Hospital.

Dr. Vasana Dissanayaka, Consultant Anaesthesiologist,

Current Acting Director General of Health Services, Dr. Sritharan.

Dr. Anil jasinghe,

Dr.Sunil de Alwis

Dr. Kumara wickramasinghe - current director general national hospital of Srilanka

Dr. Ajith Thennakoon- chief judicial officer colombo

අප රටේ අහිංසක දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතිය නැති කරන ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව මගින් සිදුකරන මෙම අවනීතික ක්‍රියාවලට එරෙහිව පෙළ ගැසෙන ලෙස සියලුම වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මෙන්ම සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ - සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය