Sunday, October 27, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන සිය ප්‍රසාදය පළ කරයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉදිරියටත්සියළු ජාත්‍යන්තර සංවිධාන වල සහාය.

ශ්‍රී ලංකාව තුල කොවිඩ්-19 වසංගතය මර්දනය සදහා ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබදව ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධාන විසින් සිය ප්‍රසාදය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පළ කරන ලදි. ඒ ශ්‍රී ලංකාවේ ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය සමග මෙරට සිටින ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් පිරිසක් පැවැත් වූවිශේෂ සාකච්ඡාවකදීය.එම සාකච්ඡාව අදි දින (02) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙම සාකච්ඡාවටලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියාපෙන්ඩ්සේ මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Ms. Hana Singer මහත්මිය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ අන්තර්ජාතික තාක්ෂණික විශේෂඥ Mr. Jairo Andres Villamil-Diaz මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රතිපත්ති විශේෂඥ සහ කණ්ඩායම් නායක Mr. Fadhil BakeerMarkarමහතා, එක්සත්ජාතීන්ගේආහාරසහකෘෂිකර්මසංවිධානයේ පාරිසරික, දේශපාලන, කෘෂිකර්ම විද්‍යාවන් පිළිබද Mr. Sun, Xuebing යන මහත්ම මහත්මින් එම සංවිධාන නියෝජනය කරමින්එක්වසිටියහ.

ශ්‍රී ලංකාව තුල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියළුමසෞඛ්‍ය සංවර්ධන කටයුතු සදහාඉදිරියටත් සියළු ජාත්‍යන්තර සංවිධාන සහාය පළ කරන බව එම සංවිධාන නියෝජිතයින් විසින් සෞඛ්‍ය අමාත්‍යතුමියට මෙහිදී පැවැසීය. නව රජයේ සෞඛ්‍ය අමාත්‍යතුමිය පළමු වරට අද දින මුණ ගැසුන බවත්, ජනාධිපතිතුමා ඇතුලු නව රජය විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය සදහා ක්‍රියාවට නංවා ඇති සෞඛ්‍ය ප්‍රතිපත්ති තමන් ඉතා අගය කරන බවත්, විශේෂයෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබාදෙන බවත් පැවැසීය. එමෙන්ම මහජන සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීම සදහා අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමට ද එකගතාවය පළ කරන ලදි.

එක්සත්ජාතීන්ගේආහාරසහකෘෂිකර්මසංවිධානයේ Mr. Sun, Xuebingමහතාකරුණූ දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ළමා පරපුර ඉළක්ක කර ගනිමින් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr. Razia Pendse) මහත්මිය කියා සිටියේ කොවිඩ් -19 ව්‍යසනයේ දී ශ්‍රී ලංකාව තුල කොවිඩ් මර්දනය සදහා විශේෂ වශයෙන්ම සහයෝගය ලබාදුන් බවයි. ශ්‍රී ලංකාව තුල එම වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද පැවැසීය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ Mr. Fadhil BakeerMarkarමහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ රෝහල්වල යටිතල පහසුකම් සහ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් සකසා තිබෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදිකියා සිටියේ මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ඇගයිමට ලක් කිරිමපිළිබදව සතුටට පත් වන බවත්, ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කරන සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් සදහා සහයෝගය දක්වන සියළු ජාත්‍යන්තර සංවිධාන වලට අතිගරු ජනාධිපතිතුමාඇතුලු නව රජය වෙනුවෙන්මෙන්ම, සෞඛ්‍ය අමාත්‍යතුමිය ලෙස තමන් ද අගය කොට සළකන බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ද එක්වසිටියහ.