Sunday, October 27, 2024
Follow Us
ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර දිර්ඝ කාලයක සිට ශක්තිමත් සහයෝගිතාවයක් පවතිනවා -අධිකරණ ඇමති

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති DR. Zuhair M.H.Zaid, මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී (16) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා සදහන් කළේ , ශ්‍රී ලංකාව හා පලස්තීනය දීර්ඝ කාලයක් තිස්සේ පවතින සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.
නව රජය විසින් අධිකරණ පද්ධතියේ සංවර්ධනයට නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. වත්මන් රජය විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කිරිමට බලාපොරොත්තු වන සංවර්ධන කටයුතු පිළිබදව ද අමාත්‍යවරයා විසින් තානාපතිවරයා දැනුවත් කළේය.
ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පවතින සහයෝගිතාවය පිළිබදව සදහන් කළ තානාපතිවරයා සදහන් කළේ එම සහයෝගය ඉදිරියටත් ශක්තිමත්ව ලබා දෙන බවයි.

(news.lk)