Sunday, October 27, 2024
Follow Us
රුසියානු වෛද්‍ය ශිෂ්‍යත්ව අහිමිවීමේ අවදානමක්

ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානු විශ්වවිද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සිය අනුමත ලේඛනයෙන් ඉවත් කිරීම හේතුවෙන් උසස් පෙළ විභාගයෙන් ඉහළම සුදුසුකම් ලබා සිටින සිසුහූ 40කට මේ වසරේ රුසියානු ශිෂ්‍යත්ව සියල්ල අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.

2020 ජුනි 26 වැනිදා පැවැති ශ්‍රී ලංකා වෛද්‍ය සභා රැස්වීමේදී මෙතෙක් අනුමැතිය ලබාදී ඇති විදේශීය වෛද්‍ය විද්‍යාල ලැයිස්තුවෙන් පූර්ණ ශිෂ්‍යත්ව ලබාදෙන රුසියානු විශ්වවිද්‍යාල සියල්ල ඉවත් කර තිබීම හේතුවෙන් මේ වර්ෂයේදී සහ ඉන්පසුව ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත වෛද්‍ය ශිෂ්‍යත්ව සියල්ල අහිමිවීමේ අවදානමක් පවති. දැනට වෛද්‍ය සභාව අනුමැතිය ලබාදී ඇති එකම රුසියානු වෛද්‍ය විශ්වවිද්‍යාලය මගින්ද පූර්ණ වෛද්‍ය ශිෂ්‍යත්ව ශ්‍රී ලංකාවට ලබා නොදේ.

මෙලෙස අනුමත ලේඛනයෙන් ඉවත් කර ඇත්තේ ලුමුම්බා (Lumumba) හෙවත් වර්තමානයේ ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය (Peoples’ Friendship University of Russia) Pirogov Russian National Research Medical University හා Tver State Medical University යන විශ්වවිද්‍යාල වේ.

රුසියානු රජය විසින් ශ්‍රී ලංකාවට පූර්ණ ශිෂ්‍යත්ව 40ක් මෙම අවුරුද්දේ පිරිනමා ඇති අතර වෛද්‍ය විද්‍යාව සඳහා පූර්ණ ශිෂ්‍යත්ව පහක්ද ඒ අතර ඇත.

(Aruna)