Sunday, October 27, 2024
Follow Us
ලංකාවේ පළාත් සභා අහෝසි කිරීමේ කතාව ඉනිදියාවටත් දැනෙයි – ඉන්දීය මහ කොමසාරිස් ඇමති සරත් වීරසේකර අමතයි

පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට මාධ්‍ය මගින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය තානාපති කාර්යාලය පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සරත් වීරසේකරට ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.

මෙම හමුවට මෙම සතිය තුළ සිදුවීමට නියමිතව ඇත. පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව රාජ්‍ය ඇමැතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

පළාත් සභා ක්‍රමය ආරම්භ කර වසර 31ක් ඇතුළත සිදුව ඇති ජනතා සේවාව පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස රාජ්‍ය ඇමැතිවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනගහනය අඩු කුඩා භූමි ප්‍රදේශයක් සහිත රටක මධ්‍යම රජයෙන් ගිලිහි පළාත් සභා වැනි වෙනත් ආයතනවලින් පාලනය වීම ගැටලු රැසක් ඇති වීමට හේතුවක් බවද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දී ඇත.

(Lanka Leads)