Saturday, October 19, 2024
Follow Us
යල කන්නයේ වී වගා හානි පැවතියද වාර්තාගත  අස්වැන්නක්

මෙවර යල කන්නයේ වී වගා හානි බිම් ප්‍රමාණය හෙක්ටයාර් 7686ක් වන නමුත් වී අස්වැන්න වාර්තාගත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර යල කන්නයෙහි වාර්තා වූ වගා හානි වලට හේතුව  කෘමි වසංගත හා ගංවතුර බව පෙන්වා දුන් කෘෂිකර්ම අමාත්‍යංශය

ගංවතුර නිසා හෙක්ටයාර් 2908ක් හා රෝග හා පළිබෝධ හානි නිසා හෙක්ටයාර් 4778ක් වශයෙන් වී වගාවන් හානියට පත් වී ඇතැයිද පවසයි.

 මෙම වගාහානි වැඩි වශයෙන් වාර්තා වන්නේ ත්‍රිකුණාමලය, අම්පාර, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්ක වලින් බවද, නමුත් මෙවර යල කන්නයේ වගා කළ සමස්ත කුඹුරු ප්‍රමාණය වන හෙක්ටයාර් 480,000කින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 20ක අස්වැන්නක් ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇතැයිද එය මින්පෙර යල කන්නවලට සාපේක්ෂව ඉඩතා ඉහළ අස්වැන්නක් බවද අවධාරණය කරයි.

මින් පෙර යල කන්නවල දී ලද වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.5ක් පමණ වන බවද වගා කරන ලද වපසරිය අනුව සමස්ත වී වගා කළ කුඹුරු ප්‍රමාණයෙන් සියයට 77ක් නාඩු වී වර්ග ද, සියයට 11ක් සම්බා වී වශයෙන් ද, සියයට 12ක් කීරි සම්බා වශයෙන් ද වගා කර ඇතැයි නිවේදනය කරයි.

යල කන්නයේ වගා හානි සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. ඒ අනුව මේ වනවිට යල කන්නයේ  වගා හානි වාර්තා වූ ප්‍රදේශවලට වගා හානි කඩානමින් ගෙවීමට පියවර ගන්නා ලෙසද  අමාත්‍යවරයා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන්නේය. 

බොහෝ ප්‍රදේශවල තවමත් අස්වනු නෙළමින් පවතින බැවින් අස්වනු නෙලීම අවසන් වූ වහාම වගා හානි සඳහා මුදල් ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු යොදා ඇත.