Saturday, October 19, 2024
Follow Us

වෙළෙන්දන් සහ නිෂ්පාදකයින් අසීමිත ලෙස භාණ්ඩ මිල වෙනස් කරන්නේ නම් රජය මැදිහත් වන බව වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

විශේෂයෙන් උත්සව සමයක් එළඹෙන ඉදිරි කාලයේ දී බිත්තර පරිභෝජනය ඉහළ යන බැවින් විශාල බිත්තර ඉල්ලුමක් ලැබෙන අතර එම කාලයේ දී පාරිභෝගික ජනතාවට දැරිය හැකි මිලකට බිත්තර සැපයීමේ අරමුණින් බිත්තර ආනයනය කිරිමට පියවර ගන්නා බවට අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

ඇතැම් ප්‍රදේශවල රුපියල් 60-62 දක්වා බිත්තර මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් පසුගිය කාලයේ නිරීක්ෂණය වූ බව පැවසු අමාත්‍යවරයා අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා සෑම මසකම බිත්තර මිලියන 30 බැඟින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු STC ආයතනය හරහා සිදු කිරීමටත් අනුමැතිය ලබා දී ඇති අතර බිත්තර ආනයනය කිරීම් සිදු කර ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙළ ඉදිරි දින 10 ඇතුළත සිදු කළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.