Sunday, October 27, 2024
Follow Us
උද්ධමන වේගයෙන් ශ්‍රී ලංකාව ලොව 06 වන තැනට

ආර්ථීක අර්බුදයෙන් දැඩිලෙස පීඩාවිඳින පහළ ආදායම් ලබන ජනකොටස් වෙනුවෙන් දිගු කාලීන සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා.

උත්සව සමය වෙනුවෙන් රුපියල් 5,000 බැගින් මාස 02 ක කාලයක් අඩු ආදායම් ලාභීන්ට විශේෂ දීමනාවක් ලබාදීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මේ බව කියා සිටියා.

මේ අතර ලොව ඉහළ උද්ධමනයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව සිග්‍රයෙන් ඉහළට යමින් සිටින බව ජෝන් හෝප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන ස්ටීව් හෑන්ක් පවසනවා. ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මේවනවිට පසුවන්නේ ලොව වැඩිම උද්ධමනයක් ඇති රටවල් ලැයිස්තුවේ 06 වන ස්ථානයේයි.

ඊට අනුව මෙරට උද්ධමන වේගය සියයට 55 ක්. මෙම තත්ත්වයෙන් ගොඩඒමට නම් මුදල් මණ්ඩල මූල්‍ය පරිපාලන ක්‍රමයක් කරා ශ්‍රී ලංකාව යොමුවිය යුතු බවයි ඔහු සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ.

එම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව වැඩිම උද්ධමනයක් පවතින රට වෙනිසියුලාවයි. සිම්බාබ්වේ, ලෙබනන්, තුර්කිය සහ සුඩානය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින සෙසු රටවල් වනවා.

(Neth)