ඉන්ධන මිල යළිත් ඉහළ යන ලකුණු
ලෝක වෙළෙදපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 122 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.
එමෙන්ම ඊයේ (23) ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 115.68ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස ඉන්ධන මිල යළි යළිත් ඉහළ යාමට ප්‍රධානතම හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේනය සහ රුසියාව අතර පවතින දැඩි යුධමය වතාවරණය බවයි.
මේ හේතුවෙන් ආසියානු රටවල ද ඉන්ධන මිල ගණන් ඉහළ යමින් පවතී.
(Aruna)