Sunday, October 27, 2024
Follow Us
ආර්ථිකයේ කැළඹිලිකාරී තත්ත්වය ආණ්ඩුවේ තීරණවල ප්‍රමාදයෙන් - ආර්ථික විශේෂඥයින්ගෙන් චෝදනා

විනිමය අනුපාත නිදහසේ තීරණය වීමට ඉඩ හැරීම ප්‍රමාද කිරීම, භාණ්ඩ මිල ගණන් ක්ෂණිකව විශාල අගයකින් ඉහළ යාමට හේතුවී ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා. එම තීරණය ප්‍රමාදවීම හේතුවෙන් මෙරට පාරිභෝගිකයා දෙවතාවක් සූරාකෑමට ලක්ව ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

කල් ගතවී හෝ රුපියල පා කිරීමට තීරණය කිරීම යහපත් තත්ත්වයක් වුවද එම තීරණයත් සමඟ අසීරුතාවන්ට ලක්වන පහළ ආදායම් ලබන පුද්ගලයින් සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම අඩුපාඩුවක් බවද ආචාර්්‍ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දුන්නා.

මෙම තත්ත්වය හේතුවෙන් දේශීය ආර්ථිකය තවදුරටත් අඩාල වීමට බලපානු ඇති බවයි ආචාර්්‍ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

දීර්ඝ කාලයක් විනිමය අනුපාත ස්ථාවරව පවතවාගෙන ගොස් මෑතක සිට එය වැඩි නම්‍යශීලී ලෙස පවත්වාගෙන යාමට තීරණය කලේ ඇයි? ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ඒ පිළිබඳ කරුණු දැක්වූ ආර්ථික විශේෂඥ ආචාර්ය අනිල් පෙරේරා.

ඉදිරි දිනවල ආර්ථිකයේ කැළඹිලිකාරී තත්වයක් පැවතියද වෙළදපොල ක්‍රියාකාරීත්වය වර්ධනය වීමත් සමග ඉතා ඉක්මනින් විනිමය අනුපාත සහ වෙළඳපල ස්ථාවර වනු ඇති බවද ආචාර්ය අනිල් පෙරේරා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

(Neth)