Sunday, October 27, 2024
Follow Us
ඩොලරයේ විකුණුම් මිල 260 ත් පනී

මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 260 සීමාව ඉක්මවා ගියා. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් 07 වනදා සිට හඳුන්වාදුන් වඩාත් නම්‍යශිලී විනිමය ප්‍රතිපත්තිය අනුවයි.

ඒ අනුව මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකු රැසක ඩොලරයක ගැනුම් මිල අද දිනයේ සටහන්ව තිබුණේ රුපියල් 250 ක අගයකටයි. මීට සාපේක්ෂව සෙසු විදෙස් මුදල් ඒකකවල ද මිල ගණන් වැඩිවී තිබුණා.

බ්‍රිතාන්‍යය ස්ටර්ලින් පවුමක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 343 කට වැඩි මුදලකටයි. එහි ගැනුම් මිල රුපියල් 322 ඉක්මවා තිබුණා. යුරෝ එකක විකුණුම් මිල රුපියල් 290 කට ආසන්න මට්ටමක පැවැති අතර එහි ගැනුම් මිල රුපියල් 272 ඉක්මවා තිබුණා. ඕස්ට්‍රේලියානු ඩොලරයක් වාණිජ බැංකුවලින් අද අලෙවි කෙරුණේ රුපියල් 191 ඉක්මවූ මුදලකටයි. එහි ගැනුම් මිල රුපියල් 177 ඉක්මවා තිබුණා.

ඕමාන් රියාල් එකක ගැනුම් මිල රුපියල් 682 ඉක්මවා තිබූ අතර කුවේට් ඩිනාර් 1 ක විකුණුම් මිල රුපියල් 871 ඉක්මවා තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 259.99ක් ලෙස නිවේදනය කර තිබෙනවා. එහි ගැනුම් මිල වන්නේ රුපියල් 249.96ක් ලෙසයි.

(Neth)