Sunday, October 27, 2024
Follow Us
වාහන ගැන බලාපොරොත්තු තියාගන්න එපා

වාහනවල මිල ගණන් ජනතාව විශ්වාස නොකරන අයුරුන් ඉහළ යා හැකියි


වාහන ආනයනය කරන දින පිළිබදව මෙරට ජනතාව ඉතා උනන්දුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ බලාගෙන සිටීයි.

එම බලාපොරොත්තුව පිළිබදව අපට ඇසුනු නවත තොරතුරු වලට අනුව වාහන ආනයනය තවත් වසර 3ක් යන තුරුම සිදුනොකෙරුණු ඇතැයි මෙරට ප්‍රමුඛ පෙළේ වාහන ආනයනකරුවන් අද හෙළිකරනු ලැබීය.

ඔවුන් පෙන්වා දුන්නේ රජය මේ වන විට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 600ක ආනයනය තහනම් කිරීමට ගෙන ඇති තීරණය තුළ වාහන ආනයනයට ද කිසිදු අවසරයක් නොලැබෙනු ඇති බවයි.

එමෙන්ම රට තුළ පවතින ඉන්ධන අර්බුදය වාහන ආනයනය නොකිරීමට තවත් හොද උදාහරණයක් බව ඔවුන් පෙන්වා දෙයි.

කොවිඩ් ආරම්භයේ සිට මේ දක්වා වාහන ආනයනය කෙරුණේ නම් අද වන විට දක්නට ලැබෙන ඉන්ධන පෝළිම තවත් කිලෝමීටර් ගණනික් දික්වනු ඇතැයි ද වාහන ආනයනයකරුවන් පෙන්වා දෙයි.
අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ තහනම් කිරීම, ඉන්ධන අර්බුදය සහ වාහන ආනයනය නොකිරීම ඇතුළු මෙරට තුළ පවතින සියලුම පෝලිම් වලට ප්‍රධාන හේතුව රට තුළ ඩොලර් නොමැතිවීම බව හොදින්ම පෙනෙන්නට ඇතැයි ආනයනයකරුවන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම තත්ත්වය තුළ රට තුළ පවතින වාහනවල මිලද රටේ ජනතාව විශ්වාස නොකරන අයුරුන් ඉහළ යා හැකි බව වාහන ආනයනයකරුවන් වැඩිදුරටත් තහවුරු කරයි.

(Aruna)