Sunday, October 27, 2024
Follow Us
සුඛෝපභෝගී භාණ්ඩ 600ක බදු ඉහළට ?

මහ බැංකු අධිපතිගෙන් ඉල්ලීමක්


මෙරටට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීයකබදු වැඩි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

රටේ මූල්‍යමය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇති අතර එම සුඛෝපභෝගී භාණ්ඩ පිළිබඳ සම්පූර්ණ ලේඛනයක් ඉදිරිපත් කරමින් ඔහු මෙම ඉල්ලීම කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව එම භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම සඳහා ඒවා මත පනවනු ලැබ ඇති බදු යම් පමණකින් හෝ වැඩිකිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත.

අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් තිබේදැයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ දිනවල කරුණු අධ්‍යයනය කර ගෙන යන බව වාර්තා වේ.

(Aruna)