Sunday, October 27, 2024
Follow Us
මහ බැංකුව තවත් රත්‍රං විකුණයි

මහ බැංකුව කළ වැඩක් එළියට


ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෙරට රන් සංචිතයෙන් තවත් කොටසක් අලෙවි කර තිබෙන බව වාර්තා වේ.

2022 ජනවාරි 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 92 ක් බව නිල දත්ත වාර්තා පෙන්වා දේ.

මෙම වටිනාකම 2021 දෙසැම්බර් 31 දින වන විට ඩොලර් මිලියන 175 ක් වශයෙන් සටහන්ව තිබුණි.

2021 නොවැම්බර් මාසය අවසානයේ දී මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙසින් වාර්තා විය.

මේ අනුව පසුගිය මාස දෙකක කාලය තුළ දී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම 76% කින් අඩු වී ඇත.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එකළ ප්‍රකාශ කළේ විකුණුම් සමස්ත සංචිත පහත වැටීම නිසා ද්‍රවශීල වත්කම් ඉහළ යනු ඇති බවයි.

එමෙන්ම ශ‍්‍රී ලංකාව සතු විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.36 දක්වා පහත වැටී ඇති බවත් එම සංචිත ප‍්‍රමාණයෙන් චීනයෙන් ලැබුණු යූ ආන් මුදල අඩු කළ විට සැබෑලෙසම පවතින ඩොලර් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 800 දක්වා පහත වැටෙන බවද සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

(Aruna)