Sunday, October 27, 2024
Follow Us
විදේශිකයින්ට රක්ෂනාවරණයක් අනිවාර්ය කිරීම ගැන පැසසුම්

මෙරටට පැමිණෙන විදෙස් ගමන් බලපත්‍ර හිමියන් ඩොලර් 50,000 ක රක්ෂණාවරණයක් ලබා ගැනීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරවල නිරත පාර්ශව සිය ප්‍රසාදය පළ කරනවා.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඉකුත්දා නිකුත් කළ අතර එහි මෙම රක්ෂණාවරණය පිළිබඳව කරුණු සටහන් කර තිබුණා. එහි වැඩිදුරටත් දැක්වුණේ විදේශිකයින් මෙරට රැදී සිටින කාලය තුළදී කොවිඩ් ආසාදනය වුවහොත් රෝහල්ගතවීමට දැරීමට සිදුවන වියදම් ඉන් ආවරණය විය යුතු බවයි.

රජය ගත් මෙම තීරණය විදෙස් සංචාරකයින්ට යම් සහනයක් වනු ඇති බවයි ගුවන් තොටුපල සංචාරක කවුලු මාර්ගෝපදේශක හා රියදුරු සංගමයේ ලේකම් අසංක ගොඩකුඹුර සඳහන් කළේ.

(Neth)