Sunday, October 27, 2024
Follow Us
ඉන්ධනවලට ඩොලර් සොයන්න කබ්රාල් බාර ගනී

මහ බැංකු අධිපති තෙල් සංස්ථාවෙන් කල ඉල්ලීම


ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සොයාදීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බාර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම්දී ඇත.

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඉකුත්දා පැවැති රැස්වීමේදී මහ බැංකු අධිපතිවරයා මෙම දැනුම්දීම කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය කල්තියා දැනුම් දෙන්නැයි ද මහ බැංකු අධිපතිවරයා එම සාකච්ඡාවේදී ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇත .

ඉන්ධන අර්බුදය හමුවේ දිනපතා විදුලිය විසන්ධි කිරීමක් කිරීමට මුලින් සැලසුම් කර තිබුණද එම තීරණය වෙනස් කරනු ලැබුවේ මහ බැංකුව දුන් එම පොරොන්දුව මත බව වාර්තා වේ.

කර්මාන්ත සහ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට මසකට ඩොලර් කෝටි 40 ක පමණ මුදලක් සංස්ථාවට අවශ්‍ය වන අතර ,විදුලිබලය සඳහා අවශ්‍ය දී ඩීසල් සහ දැවිතෙල් ලබා දීමට තවත් ඩොලර් කෝටි 5 ක පමණ මුදලක් අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම රැස්වීමේ දී වාර්තාවක් මගින් දැනුම් දී තිබිණි .

ඒ අනුව ඉන්ධන ආනයනය සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් කෝටි 45ක පමණ මුදලක් අවශ්‍ය වන අතර ,එය මාසික අපනයන ආදායමින් සියයට 45ක් බව ද ඇමතිවරයා පෙන්වා දී ඇත .

(Aruna)