Monday, October 28, 2024
Follow Us
බැංකු බලපත් ගාස්තු ඉහළට

මහ බැංකුවේ මුදල් මණ්ඩලය අලුතෙන් ගත් තීරණය


සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් ගෙවිය යුතු බලපත්‍ර ගාස්තු 2022 වසරේ සිට වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

අදාළ ගාස්තු අයකෙරන ව්‍යූහය ද මහ බැංකුව විසින් සංශෝධනය කර ඇත. ඒ අනුව බැංකුවල වත්කම් පදනම අනුව ගාස්තු අය කෙරෙන කාණ්ඩය තීරණය කෙරේ.

මෙතෙක් ඉහළ කාණ්ඩය ලෙස සැලකූ රුපියල් බිලියන දහස ඉක්මවූ වත්කම් පදනම, රුපියල් බිලියන දෙදහස ඉක්මවූ වත්කම් පදනම ලෙස ඉහළ නංවා ඇත. තවද, එම කාණ්ඩයේ රුපියල් මිලියන 33ක්ව පැවැති වාර්ෂික බලපත්‍ර ගාස්තුව 2022 වසරේ සිට රුපියල් මිලියන 38 දක්වා වැඩිකර තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් 2021 වසරේ දී මෙම ගාස්තුවල සංශෝධනයක් සිදුකර නැත.

(Aruna)