Monday, October 28, 2024
Follow Us
ශ්‍රී ලංකාව දැවැන්ත අර්බුදයක

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක්


2022 වසරේදී ශ්‍රී ලංකාවට දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා අනතුරු අඟවා තිබේ.

ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ ට්විටර් පණිවිඩයක් මගිනි.

ශ්‍රී ලංකාවේ බැංකුවලට විදෙස් විනිමය සහ පහසුවෙන් ලබාගත හැකි රුපියල් නොමැති බවත්, දෙසැම්බර් 24 දින වන විට මහ බැංකු දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය තුළ රුපියල් බිලියන 456 ක හිඟයක් පවතින බව ඔහු සදහන් කරයි.

මේ වන විට පවතින මෙම මුදල් හිඟය පියවීමට මහ බැංකුව මගින් අනෙකුත් වාණිජ බැංකු සඳහා 6% ක පොලියක් යටතේ මුදල් ලබා දෙනු ඇත.

මෙම තත්ත්වය ඇතිවීමට හේතුව විනිමය අනුපාත සහ පොලී අනුපාත කෘතිම ලෙස පාලනය කිරීම බව ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)