Monday, October 28, 2024
Follow Us
ඩොලර් නොමැතිව කන්ටේනර් 1500 ක් වරායේ හිරවෙලා - ඩොලර් නිකුත් කරන්න මාසයක් කල් ඉල්ලයි

ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 1500 කට වැඩි ප්‍රමාණයක් වරායේ සිරවී ඇති බව වාර්තා වේ.

මෙම කන්ටේනර් නිදහස් කිරීම සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් කරන ලෙස වෙළඳ අමාත්‍යංශය මහ බැංකුවෙන් ඉල්ලීමක් සිදුකර ඇති අතර කෙසේ නමුත් මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඩොලර් නිකුත් කිරීම සඳහා අවම වශයෙන් තවත් මාසයක කාලයක් අවශ්‍ය බව මහ බැංකුව දැනුම් දී තිබෙනවා.

මෙම කන්ටේනර් නිදහස් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි දෙකහමාරකට අධික මුදලක් අවශ්‍ය වේ.

ඉදිරි මාසය තුළ ඩොලර් කෝටි 50 ක විදේශ ණය පියවීමට තිබෙන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් ඩොලර් වැය කිරීමට වඩා ණය ගෙවීම සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට මහ බැංකුව තීරණය කර තිබේ.

(LNW)