Monday, October 28, 2024
Follow Us
මහ බැංකුව සතු ඩොලර් මි.372ක් විකුණයි

රුපියල රැකගන්න මහ බැංකුව කළ දේ

රුපියලේ ස්ථාවරත්වය පවත්වාගැනීම වෙනුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබූ ඩොලර් මිලියන තුන්සිය හැත්තෑ දෙකක් (372.35) විදේශ විනිමය වෙළෙඳපොළේ විකුණා ඇත. දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දී ශ්‍රී ලංකා රුපියලේ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි මැදිහත්වීමක් සිදුකරමින් සිටින බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවන් මගින් මෙලෙස අනාවරණය වෙයි.

මේ අතර පසුගිය නොවැම්බර් මාස‍යේ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 61.71 ක් මිල දී ‌ගැනීමට ද මහ බැංකුව කටයුතු කර තිබේ. මේ අනුව මහ බැංකුව ශුද්ධ වශයෙන් ‌ඩොලර් මිලියන තුන්සිය දහයක් (310.64) දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ අලෙවි කොට ඇත. මහ බැංකුවේ විනිමය හුවමාරු අගයන්ට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මේ වන විට රුපියල් 203ක මට්ටමේ පවතින අතර විදේශ ප්‍රේෂණ මගින් මෙරටට ලැබෙන ඩොලර් එකක් වෙනුවෙන් පමණක් රුපියල් 210ක වටිනාකමක් ගෙවනු ලැබේ.

ඩොලර් වෙ‍‍‍ළෙඳපොළට මහ බැංකුව මෙසේ මැදිහත් වුව ද තවමත් කළුකඩ වෙ‍ළෙඳපොළේ එක්සත් ජනපද ඩොලරය රුපියල් 240 වැනි මිලකට අලෙවි කෙරෙන බව නිරීක්ෂණය වේ.

(Aruna)