Monday, October 28, 2024
Follow Us
රුපියල් කෝටි 12,000ක බැඳුම්කර නිකුතුවක්

ශ්‍රී ලංකා මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) පැවැත්වූ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 120,000ක ( කෝටි 12,000) ලංසු පිළිගැනීමට තීරණය කර තිබේ.

2025, 2027, 2029 සහ 2031 යන වසරවල කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ 4ක් යටතේ මෙම බැඳුම්කර වෙන්දේසිය සිදු කෙරුණු අතර ඊට රුපියල් මිලියන 231,145ක ලංසු ඉදිරිපත් වී තිබිණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

image 0c0a26e705

(LNW)