Monday, October 28, 2024
Follow Us
මූල්‍ය සමාගම් තැම්පත්කරුවන් ලක්ෂ දෙකහමාරක් අනාථයි

වසර හයකට මූල්‍ය සමාගම් හයක් බංකොලොත්


ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගම් හයක් ගත වූ වසර හය තුළ අර්බුදයකට ලක් වී ඇති බවත් ගනුදෙනුකරුවන් දෙලක්ෂ පනස් හය දහස් තුන්සිය හයකගේ (256306) රුපියල් බිලියන හැටපන්දහස් හත්සිය අනූහතක් පමණ ඒවායේ තැන්පත් කර තිබූ බව සඳහන් වේ.

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ද ස්ටෑන්ඩර්ට් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කොම්පැණි, ඊ.ටී.අයි. ෆිනෑන්ස්, ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් යන ආයතන එසේ අර්බුදවලට ලක්ව තිබේ.

ඉන් වැඩිම තැන්පත්කරුවන් ප්‍රමාණයක් වන එක්ලක්ෂ හතළිස් හත්දහස් හාරසිය පනස් දෙකක් (147452) සිට ඇත්තේ ද ෆිනෑන්ස් කොම්පැනි ආයතනයේ වන අතර ඔවුන් එහි මිලියන විසි හයදහස් හාරසියක් (26400) තැන්පත් කර ඇත.

දෙවනුවට වැඩිම තැන්පත්කරුවන් තිස් හත්දහස් පන්සිය අසූ හයක් (37586) බිලියන විසි දෙදහස් හයසිය හතළිස් අටක් (22648) තැන්පත් කර ඇත්තේ ඊ.ටී.අයි. ෆිනෑන්ස් ආයතනයේය. සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ තැන්පත් කරුවන් විසිදහස් එකසිය හැට එකක රුපියල් බිලියන තුන්දහස් නවසිය හැට පහක් තැන්පත් කර තිබී ඇත.

ටී.කේ.එස්. ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් 35184නකු රුපියල් මිලියන 2691ක් තැන්පත් කර තිබිණි

(Aruna)