Wednesday, November 06, 2024
Follow Us
සංචාර සේවා වැට් බද්දෙන් නිදහස් වේ

 සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසන්නේ ඒ සදහා කැබිනට් අනුමැතිය ද හිමි වූ බවයි. මෙරටට සංචාරකයන් රැගෙන ඒම සදහා කටයුතු කරන සංචාරක නියෝජිතයන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් මේ දක්වා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී තිබෙනවා.

අමාත්‍යවරයා පවසන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නගා සිටුවිම සදහා ක්‍ෂේත‍්‍රයේ නියුතු වූවන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් පියවර ගනිමින් සිටින බවයි.

ලබාදුන් වැට් බදු සහනය ඉන් එක් පියවරක් බවද ප‍්‍රකාශ කෙරුණා.

සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව 2019 වසරේදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 191,702 ක්.

ලැබු ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3724 ක් වනවා. වසර 05 ක් තුළ වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ඉලක්කයක් සපුරා ගැනීම සදහා සංචාරක කර්මාන්තය දියුණු කිරීම ආණ්ඩුවේ ඉලක්කය වනවා.