එකින් එක පිටු පිරවී ගිය මේ වසරේ අන්තිම සතියත් ඔන්න උදා වුණා. 2023 වසරේදී ඉටුකරගන්න නොහැකි වූ බලාපොරොත්තු ගොන්නක් ඔබ අතරත් ඉතිරි වී ඇති. දුක් නොවන්න. මේ ඒ බලාපොරොත්තු පෙළගස්වාගන්න හොඳම කාලයයි.
සීතල නත්තල අත ළඟ. හැමෝගෙම හිත්වල උත්සවශ්‍රීය ගැන සිහින තිබුණත් අපි මේ ගත කරන්නේ හිතට තරමක් පීඩා ගෙන දෙන කාල වකවානුවකි. කොයි කාගෙත් ආර්ථික තත්ත්වය එතරම් සතුටුදායක නොවේ. ඉතින් මනා ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව කාලයට ගැළපෙන මෙවැනි කතිර රටාවක් මසා ගන්නේ නම් මේ දිනවල ඔබටත් පුංචි ස්වයං රැකියාවක හිමිකාරිණියක වන්නට පුළුවනි.
උත්සව සමය අත ළඟ. ඉතින් මේ වනවිටත් ඔබට පුංචි පුංචි සාද කීපයකට ඇරැයුම් ලැබී ඇති. මේ සඳහා සහභාගීවන්නට හැකි ඇඳුම් විලාසිතාවක් ගැන සිතමින් ළතවෙනවා නේද? මෙන්න ඒ සඳහා කදිම විසඳුමක්. ඔබට කැමති රෙදි වර්ගයකින් කැමති වර්ණයකින් මේ ගවුම මසා ගත හැකියි.
ලෝකේ තියෙන හොඳම දේවල් දරුවන් වෙනුවෙන් තෝරා ගන්නට ආදරණීය මවුවරුන් නිරන්තරයෙන්ම වෙහෙස වෙනවා. ආහාර වර්ග, ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන, සෙල්ලම්බඩු, ඇඳුම් පැලඳුම් මේ මිලදී ගැනීම් අතර ප්රමුඛ ස්ථානයක් ගන්නවා.
සීතල උඳුවප් මාසයට තවත් ඇත්තේ සති කිහිපයකි. උඳුවප් මාසය කියද්දීම හැමෝටම මතක් වෙන්නේ අසිරිමත් නත්තල.
ඔයාගේ ජීවිතයේ තවත් එක් පරිච්ඡේදයක් තව දින කීපයකින් ඉවර වෙනවා. වසරක් ගෙවී තවත් වසරක් උදාවෙනවා. ඒ සමුගැනීම වෙන්නේ සීතල නත්තලත් එක්ක.
නත්තල් සීතල දැනටමත් දැනෙන්න පටන් අරන්. නත්තලටම ආවේණික සැරසිලි, කෑම බීම ඇතුළු බොහොමයක් දේ අපේ ජීවිතවලට බද්ධ වෙන්නේ ආගම් භේදයකින් තොරවමයි.
සොබාදහම අපට උරුම කර දුන් දෑ බොහෝය. මිනිසා සහ සොබාදහම අතර වූ මේ සැබැඳියාව තුළ එකිනෙකට වෙන් කළ නොහැකි වූ නිර්මාණ ද බිහි වෙයි. වස්දඩු රාවය තුළින් මැවෙන සියුම් ස්වරය ද එවැනිම දායාදයකි. මේ අපූර්වතම වූ වස්දඬුව තුළින් මැවෙන සප්ත ස්වරයට වඩා බොහෝ දෑ මිනිසා විසින් නිර්මාණය කරන්නේ මිනිසා තුළ වූ නිර්මාණාත්මක කුසලතාව හා තාක්ෂණික ශිල්පීය ඥනයෙහි.
දෙසැම්බර් මාසයම ගෙවෙන්නේ නත්තලේ අසිරියත් සමඟිනි. ඒ අසිරිය කැන්දාගෙන එන්නට ජාති ආගම් භේදයක් නැති තරම්. නත්තල් ගස පවා කිතුනු බැතිමතුන්ට පමණක් සීමා නොවෙන්නෙත් ඒ නිසයි.
මේ දවස් රටේ බොහෝ තැන්වලට වැස්ස වහිනවා. ඉතින් ඔයාලට හිතෙනවා ඇති අපි ඉන්නෙ නුවරඑළියෙද කියලා. ඇත්තටම ඉතින් අපි නුවරඑළියේ වගේ විනෝද ගමනක් යනවනම් ඇඳුම් ගැන බොහෝ සැලකිලිමත් වෙනවානේ.
ඔබ කාර්යාලයට ගෙන යන වතුර බෝතලයට හෝ පුංචි දුව පුතා පාසලට, පන්තියට ගෙන යන වතුර බෝතලයට නවතාවයක් එක්කළ හැකි නිර්මාණයකි මේ.
ඔබ හැමදාමත් එකම විදිහට එකම විලාසිතාවකට නේද සාරිය අඳින්නෙ? මේ හුරුවී සිටින ක්‍රමයට වඩා වෙනස්ම ක්‍රමයකට සාරිය අඳින්න පුළුවන් නම් අපිට එහි විවිධත්වයක් දකින්නට පුළුවන්. අන්න එතකොටයි ඔබේ විශේෂත්වයක් ඉස්මතු වී පෙනෙන්නේ.
සොබා දහම කියන්නේ අපිට නැතිවම බැරි දෙයක්. මේ මිහිතලය, ගස් වැල් සතා සිව්පාවා ඇළ දොළ මේ හැම දෙයක්ම ජීවත්වෙන්න අත්‍යවශ්‍යයි. ඒ නිසා ලෝකයම කතා බහ කරන්නේ පරිසරය ආරක්ෂා කරගන්න. පරිසරය ගැන කතා කරද්දි පරිසරය ආරක්ෂා කරනවට වඩා පරිසර දූෂණය ඉතාම සීඝ්‍රයෙන් ඉහළ යනවා.
කතිර රටාවලට තියෙන ඉල්ලුම දවසින් දවස ඉහළ යන්නේ අප විසින් සපයන කතිර මැහුම්වල ඇති සුපැහැදිලි හා නිවැරැදිතාව නිසාමයි. ඔබගේ ඉල්ලීම් පරිදි අපි ඉතා පහසුවෙන් මසා නිමකළ හැකි අලංකාර කතිර මැහුම් ගෙන එන්නට සූදානම්. අද මේ කතා බහ කරන නිර්මාණයක් ඔබගේ නිවෙස අලංකාරය කරගැනීමට මෙන්ම දවසේ ආරම්භය ජවසම්පන්න කරගැනීමටත් මහෝපකාරී වේවි.
තෙවැනි ඇසකින් ලෝකය දකින මිනිසුන්ගේ මානය බොහෝ දුරය. එලෙසින් පිවිතුරුය. යමෙකුට නව මානයකින් ලෝකය දකිමින් මුළු පරිසරයම සුවඳවත් කරමින් එළිය කළ හැකි නම් එය විශාල භාග්‍යයකි. තෙවැනි මානයකින් ලෝකය දකින ඡායාරූප ශිල්පියෙකුගේ භූමිකාව ද දිග පරාසයක දිග හැරෙයි.
මේ දවස්වල මඟතොටේ වැඩිපුරම දකින විලාසිතාවක් තමයි එලිෆන්ට් පෑන්ට් එක. ඔබටත් එවැනි විලාසිතාවකින් හැඩ වන්නට ආසයි නේද?
අසුරු සැණින් විලාසිතා මැවෙන කාලයකි මේ. එහෙත් මේ දවස්වල ඒ හීනයට ඔබේ මුදල් පසුම්බිය හරස් වී ඇති. මැහුමට ගෙතුමට දක්ෂ ඔබට නම් එය ගැටලුවක් නොවේවි. ඔබට හැමදාමත් ළෙන්ගතු තරුණී මේ ගෙන එන්නේ නවීන විලාසිතාවේ බ්ලව්සයකි. මල් මුද්‍රිත රෙද්දකින් මසා ගන්නේ නම් එහි වැඩි අලංකාරයක් පෙනේවි.
Page 3 of 25