Thursday, December 26, 2024
Follow Us
සල්ලි මවන රෙසින් හැඩ වැඩ

කතිර රටා, එම්බ්‍රොයිඩරි, පැච්වර්ක් ආදී විවිධ මැහුම්, ගෙතුම්, අත්කම්වලින් සකසා ගන්නා නෙත පිනවන සොඳුරු නිර්මාණවලින් නිවෙසට කදිම කලඑළියක් ගෙන දෙන්නට අපේ ගෘහණියන් දක්ෂයි.

නමුත් අද අපි ඉදිරිපත් කරන්නේ අත්කම් නිර්මාණ කලාවට අලුත්, ඒ වගේම ස්වයං රැකියාවක් ලෙස ලාභ ලැබිය හැකි අත්කම් නිර්මාණයක් ගැනයි.

විසිතුරු රෙසින් නිර්මාණ කලාව කියන්නෙ ඉතාම සුන්දර  ක්ෂේත්‍රයක්. ඒ වගේම තෘප්තියෙන්  කරන්නට පුළුවන් වෘත්තියක්. ඉතා කෙටි කලකින් හැදෑරිය හැකි ක්ෂේත්‍රයක් නිසා දැන් බොහෝ දෙනා රෙසින් නිර්මාණ කලාවට පිවිසෙමින්  සිටිනවා.

සාර්ථක රෙසින් නිර්මාණයක් බිහිකිරීමට නම් රෙසින් භාවිත කරන ආකාරය ඉතා නිවැරැදිව දැන සිටිය යුතුයි. එලෙසම එහිදී භාවිත කරන ක්‍රමවේදය දැන සිටිය යුතුයි.

නිවැරැදි දැනුමෙන් සහ නිර්මාණශීලි අදහස්වලින් ඉතා සුන්දර රෙසින් නිර්මාණ බිහිකිරීමට හැකි වනවා.

රෙසින් නිර්මාණ සදහා භාවිත වන මූලිකම ද්‍රව්‍යය වන Epoxy Resin නිසියාකාරව භාවිත කරන ආකාරය පිළිබඳව ඔබ සතු දැනුම රෙසින් කලාවේ යතුර ලෙස හැඳින්විය හැකිය. ඉතා හොඳ තත්ත්වයේ crystal clear epoxy resin දැන් ඔබට වෙළෙදපොළෙන් මිල දී ගත හැකියි. 

රෙසින් වර්ග ගණනාවක් වෙළෙදපොළේ පවතින බැවින් crystal clear epoxy resin පමණක් තෝරාගැනීම වැදගත්.

විසිතුරු රෙසින් නිර්මාණ කලාවෙන් නිපදවීමට හැකි නිර්මාණ වපසරිය  කරාබු, කීටැග්, පෙන්ඩන්ට් වැනි කුඩා නිර්මාණවල සිට ටේබල් ටොප්ස, පැන්ට්‍රි ටොප්ස් සහ බිම් ඇතිරුම් (resin flooring) දක්වා දිව යනවා. වියළා ගත් මල්, කොළ වැනි ස්වාභාවික ද්‍රව්‍ය රෙසින් නිර්මාණ තුළට අන්තර්ගත කිරීම රෙසින් නිර්මාණයේ ගුණාත්මක බව වැඩි කිරීමට හේතු වනවා. එසේම රෙසින් නිර්මාණය වර්ණ ගැන්වීමට අවශ්‍ය විවිධ වර්ණක ද (colour pigments) දියර (liquid) ලෙස මෙන්ම කුඩු (powder) ලෙසද පවතිනවා. ඊට අමතරව ඡායාරූපයක්, පුද්ගල නමක් වැනි දෙයක් රෙසින්  නිර්මාණය තුළට අන්තර්ගත කිරීමද  සිදු කළ හැකි අතර ජීවිත කාලයටම වටිනා මතක සටහනක් නිර්මාණය කළ හැකිය.8 26

රෙසින් නිර්මාණ සැකසීමේ දී බොහෝ විට සිලිකන් රබර් අච්චුවක් (silicon molds) භාවිත කරනු ලබයි. නමුත් මෝල්ඩ් එකක් නොමැතිව සකසාගත හැකි රෙසින් නිර්මාණද පවතී.

රෙසින් නිර්මාණ කලාවට පිවිසෙන ආධුනිකයින්ට වුවද පහසුවෙන් සකසාගත හැකි කෝස්ටර් මෝල්ඩ් එකක් ආධාරයෙන් රෙසින් නිර්මාණයක් සකසා ගන්නා ආකාරය අද අපි විමසා බලමු. මේ නිර්මාණය පේපර් වෙයිට් එකක්, නැතිනම් සිහිවටනයක් විදිහටත් යොදා ගත හැකියි.

Thrunie