මේ ඇරැඹෙන නව වසරේ කිරිබතක් සකසා අලුත් අවුරුද්ද පිළිගන්න බලාහිඳින ඔබ වෙනුවෙන් විවධ ක්‍රමයට සකසාගත හැකි කිරිබත් වර්ග මෙන්ම කිරිබත් කෑමට අවශ්‍ය ලුණු මිරිස්, සීනි සම්බෝල ආදිය සකසාගන්නා ආකාරය අප මෙලෙස තිළිණ කරනවා.
සොසේජස් කන්න පොඩ්ඩො හරිම කැමැතියි. ඒත් සෞඛ්‍යයට නම් ඒක ඒතරම් හොඳ මදි. ඒත් කෑම කටක් කවා ගන්න ඕන නිසා මවුවරුන් දරුවන්ට අකැමැත්තෙන් වුණත් සොසේජස් දෙන්න පුරුදු වෙලා. කටට රස වගේම පෝෂණ ගුණයෙන් ද සපිරි දේශීය සොසේජ් එකක් සකසා ගන්නා ආකාරය අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඒ නිසයි.
ඉක්මණින් ම හදාගන්න පුළුවන් කැවිලි වර්ගයක් මේ. මෙවර නැකැත් සීට්ටුවට මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙල කළ යුතු නිසා ඒ අතරට මුං ගුලි එකතු කරගන්නත් පුළුවන්.
යම්කිසි සමූහයක් එක් වූ තැනක විවිධ වූ දේ කතාබහ කරති. ක්‍රියාවට නංවති. එහෙත් ඒ එකම දෙයක් නොවන්නට පුළුවන. මුහුණු පොතේ ඇති බොහෝ සමූහ පිළිබඳ සමාජයේ ඇත්තේ එතරම් හොඳ අදහසක් නොවේ. එහෙත් ඒ අතරින් වෙනස් ම ආකාරයේ සමූහයක් වූ කනවනම් කමු සමූහයේ එක්ව සිටින ළෙංගතු මිතුරු මිතුරියෝ දේශීය ආහාර වර්ග මෙන්ම තමා විසින් අත්හදා බලන්නා වූ විවිධ කෑම වර්ග පිළිබඳ තොරතුරු ද නොමසුරුව බෙදා හදා ගනිති.
මුළුතැන්ගෙයි ඉහුම් පිහුම් කලාව තරමක් වෙනස් වෙලා. අපේ ගෘහණියෝ කෑම මේසය රස ගන්වන්න වෙනස් ක්‍රම සොයනවා. මේ කාලයේ මාළු මිලදී ගැනීම තරමක් අපහසු වෙලා තිබෙන නිසා කුකුළු මස් පාරිභෝජනය තරමක් වැඩිවෙලා තිබෙනවා. ඇති වී තිබෙන වසංගතය හමුවේ අපේ ගෘහණියෝ තම මුළුතැන්ගෙයි කටයුතු කළමනාකරණය කර ගන්න හරිම දක්ෂයි.
තෙලේ බදින්නෙ නැතිව වැඩිපුර මුදල් වියදම් නොකර අවුරද්දට හදාගන්න පුළුවන් රස කැවිලි වර්ගය අලුවා.
ආහාර සැකසීමේ කලාවේ දී ලාංකිකයන් සිටින්නේ වඩාත් සුවිශේෂ වූ ස්ථානයකයිග එසේ වන්නේ අපේ ආහාර කලාව රසයට පමණක් මුල්තැන දුන් ආහාර කලාවක් නොවන බැවිනි. එහි දී දිව පිනවීම මෙන්ම ආහාරයේ පෝෂ්‍ය ගුණය ගැන ද අවධානයක් යොමු වේ.
වැඩිපුර ඇහෙන්නේ ලුණු ගැන හොඳ නැති කතා. සුදු ලුනු කළු කරන කතා. වැඩිපුර ලුණු කෑමට ගන්න එපා කියන අවවාදය තමයි හැම තැනින්ම ඇහෙන්නේ. කොහොමවුණත් හොද්දට ලුණු නො දාම බැහැ. ඒ විතරක් නෙවෙයි අපට බොහෝ කාර්යයන්වලදි ලුණු ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
කෝපිවල තිත්ත නැති කරන්න ලුණු ඉතා ස්වල්පයක් කෝපි කෝප්පයට එක් කිරීමෙන් පුළුවන්.
මාස 3 - 6 කට වරක්වත් ශීතකරණය පිරිසුදු කළ යුතුයි. උණු ජලය ලීටර දෙකකට ලුණු කෝප්ප භාගයක් මිශ්‍රකර ශීතකරණය පිරිසුදු කරන්න. එළවළු, මාළු, මස් කපන ලෑල්ල පිරිසුදු කිරීමට ලුණු කදිමයි.
මී මැස්සන් වැනි කෘමීන් දෂ්ට කළ විට ලුණුවලින් දෂ්ටකළ තැන ආවරණය කරන්න. ඉදිමීමත් වේදනාවත් අඩු වෙනු ඇත.
කැන්වස් පාවහන්වලට ලුණු ස්වල්පයක් ඉසීමෙන් ගන්ධය නැති කළ හැකිය.
ගින්නක් ඇතිවූ විට ජලය දැමීමෙන් සිදුවන්නේ ගින්න පැතිරීමයි. ඒත් ලෝහ තහඩුවකින් හෝ ලුණුවලින් හෝ බේකිං සෝඩාවලින් ගින්න පහසුවෙන් නිවා දැමිය හැකිය.
අප මිලදී ගන්නා මුඛ සෝදනවල අහිතකර රසායනත් තිබෙනවා. නිවෙසේදීම ලුණු හා බේකිං සෝඩාවලින් හොඳ මුඛ සෝදනයක් සාදා ගන්න පුළුවන්. ලුණු තේ හැන්දක් හා බේකිං සෝඩා හැන්දක් වතුර කෝප්ප භාගයකට මිශ්‍ර කරන්න. මුවේ දුගඳ නසන, බැක්ටීරියා විනාශ කරන මේ මිශ්‍රණයෙන් මුවේ ඇති විසබීජ හොඳීන් විනාශ වෙනවා.
තණ කොළ පිට්ටනිය අලංකාරව තබා ගැනීමට එප්සම් සෝල්ට් මේස හැඳී 2 ක් ජලය ගැලුනයකට දමා ඉසින්න. හරිත පැහැයෙන් සාර තණ පිට්ටනියක් දිස් වේවි.
වතුර ගැලුන් භාගයක් විනාකිරි කෝප්ප 1/3 ක් හා ලුණු කෝප්ප 1/2 ක් දමා සාදා ගන්නා මිශ්‍රණයට සායම් යන රෙදි දමා පැයක් තබන්න.
කිරෙන් පිසෙන කිරිබතක් කිව්වහම පුරුද්දට වගේ එකතු කරන්නේ පොල්කිරි. එහෙත් මෙවර නැකැත් සීට්ටුවේ ඇති කිරිබතට එකතුවෙන්නේ එළකිරි.
සරල එහෙත් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වට්ටෝරු අතර පෙරමුණේම තිබෙන්නක් ලෙස දේශීය ආහාර වර්ග හැඳින්විය හැකියි. කුළුබඩු යහමින් යොදා අපේ ගෘහණියන්ගේ දෑතෙන් පිසෙන මේ දේශීය ආහාර වට්ටෝරුවල පෝෂණ ගුණයට සමකල නොහැකි වෙනත් ආහාර වට්ටෝරු නොමැති තරම්. ඒ නිසා නිවෙසක අනිවාර්යයෙන්ම පිසිය යුතු මේ පෝෂණීය ආහාර ඔබත් සකසා රස බලන්න.
කොරෝනා නිසා අප නිතරම ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන පිරිසක් ලෙස සිටිය යුතුයි. ඒ සඳහා අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගත යුතු වේ. ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න නම් අපි ගන්නා අහාර හා පාන වර්ග ගැන විශේෂ සැලකිල්ලක් දක්වමින් ප්රතිශත්කිය වඩවන ආහාර රටාවකට හුරු විය යුතු වෙමු. ඒ සඳහා අපට සරලව සකසා ගෙන දිනපතා පානය කළ හැකි පාන වර්ග කිහිපයක් මෙලෙසින් ගෙන එනවා.
ඕනෑම උත්සව අවස්ථාවක කෑම මේසයට කොණ්ඩ කැවුම් නො තිබුණොත් කැවිලි මේසයේ හිස්බවක් දැනේවි. විශේෂයෙන් අවුරුදු කෑම මේසයට කොණ්ඩ කැවුම් අනිවාර්යයි.
මෙවර තරුණි කේක් නිර්මාණ පිටුවෙන් ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නෙ පලතුරු පිරුණු රසම රස කේක් නිර්මාණයකි.
කාන්තාව සැමවිටම වෙහෙස වන්නේ, කැප වන්නේ තම පවුලේ පෝෂණය වෙනුවෙනි. සැමියාගේ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් විවිධ වර්ගයේ ආහාර සකසන ඇයට ඒවායේ රස බලන්නවත් වෙලාවක් නැති තරම්.
ආහාර ලබා ගන්නේ කුසගිනි නිවා ගැනීමට ය. එහෙත් ආහාරවලින් කුසගිනි නිවීම මෙන්ම තවත් බොහෝ දේ අපේ ජීවිතවලට ලබා දේ. සිරුරේ වර්ධනය, සෞඛ්‍ය රැකගැනීම ආදිය සඳහා අප ගන්නා ආහාර උපකාරී වේ. ආයුෂය, වර්ණය පවා ලබා දෙන ආහාර නිසි සේ නොගතහොත් ඉන් ඇතැම් විට මේ ප්‍රයෝජන නොලැබී යාමට හැකියි.
ගත සිත විඩාබර මොහොතකට රසම රස තේ කෝප්පයක් වාගේ සිත ගත දෙකම උණුසුම් කරන්නට කෝපි කෝප්පයකට තියෙන්නේ පුදුමාකාර හැකියාවකි.
ලස්සනට ඉන්න අපේ ළඳුන් බොහොම කැමැතියි. ඒත් මොනතරම් ලස්සනට ඉන්න කැමැති වුණත් සමහරකුට කට නිසා ඒක බැරි වෙනවා. හිතූ හිතූ දේ කමින් මහත් වෙනවා.
Page 39 of 41