හොඳින් පැසුණු කොස් මදුළු තීරු කපාගන්න. කපාගත් කොස් මදුළු නටන උණු වතුරට එක් කර ඒ සැණින් පෙරාගන්න. තම්බා වතුර පෙරාගත් කොස් මදුළු ලොකු තැටියක අතුරා තද අව්වේ වියළා ගන්න. අටු දෙල් සැකසීම සඳහා දෙල් තීරු කපාගන්න. (පොත්ත සහ මැද දාරය අයින් කර) කපාගත් දෙල් තීරු නටන උණු වතුරට එක් කර ඒ සැණින් පෙරාගන්න. ඉන්පසු හොඳින් අතුරා තද අව්වේ වියළා ගන්න. දවස් දෙක තුනක් තද අව්වේ වියළා ගැනීම ප්‍රමාණවත්. එලෙස වියළා ගත් කොස් සහ දෙල් හුළං නොවදින්න සේ භාජනයක අසුරා පියන වසා තබන්න.
රස ඉතිරෙන කේක් එකක් සකසා පවුලේ ඇත්තන් සතුටු කරන්න… මෙන්න ඒ සඳහා අගනා කේක් එකක්. උත්සව අවස්ථාවකට, උපන්දිනයකට, සතුටු සාදයකට, විශේෂ සැමරුමකට ආදී අවස්ථාවන් සඳහා මෙවැනි කේක් එකක් ඔබටත් පහසුවෙන් සකසාගත හැකියි.
වසවිස නැති රස ඉතිරෙන ලාවුලු පුඩිමකි. ලාවුලු වැනි පලතුරු ගස් යට නිකරුණේ ඉදී කුණු වී යන්න නොදී ඔබත් මෙවැනි කෑම සකසා පවුලේ පෝෂණය සුරකින්න.
සමහර වෙලාවට අකලට කෙසෙල් ගස් කඩාගෙන වැටේ. එවිට එහි තියෙන ළපටි කෙසෙල් ගෙඩි පොත්ත පිටින්ම සිහින්ව ලියා කෙසෙල් මැල්ලුමක් හෝ තෙල් දාලා ආහාරයට ගන්න අපේ පැරැන්නෝ පුරුදු වී සිටියා. එය ඔබටත් මෙලෙසින් සැකසිය හැකියි.
අට්ටික්කා,අත්තික්කා, උදුම්බර, දිඹුල් ආදී නම්වලින් හැඳින්වෙන අට්ටික්කා ගංඟා, ඇල දොළ ඉවුරු ආශ්‍රිතව සුලබව හමුවන ශාකයකි.
නැවුම් එළකිරි ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඉතාම හොඳින් අපිට ගෙදරදීම ක්‍රීම් චීස් හදන්න පුළුවන්. (කඩෙන් ගන්න කිරිවලිනුත් හදන්න පුළුවන්) එහෙම හදා ගත්තාම චීස් කේක් වගේ ගොඩාක් කෑම ජාති හදන්න පුළුවන්.
Page 27 of 40