Sunday, October 20, 2024
Follow Us
රස බත් එකක්
මේ බත් එකේ රස දන්නවා නම් ආයේ කවදාවත් ම ඉතුරු බත් විසි කරන එකක් නෑ.
ඉතුරු බත්වලින් හදමු සුපිරිම රස බත් එකක්
 
අවශ්ය ද්රව්ය -
-රෑ උයාපු බත් කෝප්ප 1 ක්
-බිත්තර 2 ක්
-ඉගුරු
-සුදු ලූණු බික් 3 ක්
-රම්ප
-කරපිංචා
-ලොකු තක්කාලි ගෙඩියක්
-රස අනුව ලුණු
-මිරිස් කුඩු තේ හැදි 1 ක්
-කෑලි මිරිස් තේ හැදි 1/2ක්
-කහ කුඩු චුට්ටක්
-තක්කාලි සෝස් 1 ක්
-සෝයා සෝස් 2 ක්
-පොඩි කැරට් අලයක්
-ලීක්ස් ගස් 1 ක්
-ගෝවා ටිකක්
-පොල් තෙල් මේස හැදි 3 ක්
 
සාදන ක්රමය -
මුලින්ම පෑන් එකට තෙල් දාලා රත් වුණාම ඒකට තලාගත් ඉගුරු , සුදු ලූණු කපාගත් බී ලූණු , රම්ප, කරපිංචා සුවඳ එනකම් බැද ගන්න.
 
ඊට පස්සේ කපාගත් තක්කාලි ටිකද දාලා හොදින් තෙම්පරාදු කර ගන්න.. දැන් මේකටම රස අනුව ලුණු කුඩු , මිරිස් , කහ කුඩු , කෑලි මිරිස් එක්කර හොදින් කලවම් කර ගන්න.
 
දැන් මේකටම තක්කාලි සෝස් සහ සෝයා සෝස් දමා කලවම් කර සිහින්ව කපාගත් කැරට් සහ ගෝවා ටිකත් දාලා තම්බපු බිත්තර 2ක් දාලා හොදින් කලවම් කරලා පස්සේ බත් ටිකත් දාලා ගින්දර වැඩි කරලා මේක හොදට හැදි ගාමින් හොදින් Cook වෙන්න දෙන්න.
 
අවසානයේ සිහින්ව කපපු ලීක්ස් ටිකත් එක්කර කලවම් කරලා ලිපෙන් බා උණු උණුවෙන් ම කෑමට ගන්න.
 

අන්තර්ජාලයෙන්