Saturday, October 19, 2024
Follow Us
Creamy chicken soup- ක්‍රීම් චිකන් සුප්
මේ සුප් එක රයිස් කුකර් එකේ හදන්න පුලුවන් . රාත්රි ආහාරයට මේ සුප් එක විතරක් හොදටම ඇති . ඉතාම රසවත් . හදලා බලන්න . කැමති එළවළුවක් දාන්න පුලුවන්.
 

අවශ්ය ද්රව්ය :-

චීකන් ග්රෑම් 300
කැරට් ග්රෑම් 100
ලීක්ස් ග්රෑම් 100
බීලූනු ගෙඩි 1
බ්රොකලි ග්රෑම් 100 (තියෙනවා නම් පමනයි )
අපිට කැමති එළවළුවක් එකතු කරන්න.
සුදුලූනු බික් 6
පාන් පිටි මේස හැදි 3
වතුර කෝප්ප 3 1/2
කිරි කෝප්ප 3 /4
ගම්මිරිස්
ලුණු කුඩු
බටර් ස්වල්පයක්
තෙල් මේස හැදි 1
ගාලික් පවුඩර් තේ හැදි 1 (තියෙනවා නම් පමනයි )
සාදන ක්රමය :-
කැරට් කොටු කපා ගන්න . ලීක්ස් පොඩියට කපන්න . බීලූනු හා සුදුලූනු පොඩියට කපන්න .
චීකන් ටිකට වතුර එකතු කර එයට ලීක්ස් ටිකක් , තලාගත් සුදුලූනු බික් 2 කක් ලුණු කුඩු , බීලූනු ගෙඩි 1 /2 එකතු කර තම්බා ගන්න.
උඩින් පෙන අයින් කරන්න . හොද සුවදක් එයි.
මේ ස්ටොක් එක පෙරා ගන්න.
භාජනයකට බටර් හා තෙල් එකතු කර පොඩ්ඩක් රත් වුනාම ඉතුරු බීලූනු හා සුදුලූනු එකතු කරන්න . කර වෙන්න දෙන්න එපා.
මෙයට කැරට් , ලීක්ස් , තියෙනවා නම් බ්රොකලි දමා ටිකක් ටිකක් තම්බා ගෙන එයට පාන් පිටි එකතු කර කළවම් කරන්න.
දැන් ස්ටොක් එක එකතු කරන්න. නැවත කලවම් කරන්න. කොටු කපා ගත් චිකන් කෑලි එකතු කරන්න .
ෆ්රෙශ් මිල්ක් එකතු කරන්න. හොදින් හැදි ගාන්න. තියෙනවා නම් ගාලික් පවුඩර් එකතු කරන්න.
අන්තිමට ලුණු හා ගම්මිරිස් එකතු කරන්න .
රස අනුව. මේ සුප් එක උකු වෙනවා.
පිළිගැන්වීමේදි උඩින් කපා ගත් සැල්දිරි කොළ ටිකක් දාන්න . සැල්දිරි නැත්නම් ලීක්ස් කොළ ටිකක් පොඩියට කපලා දාන්න .
උණුවෙන්ම ආහාරයට එකතු කර ගන්න . හරිම රස සුප් එකක්.
 
Creamy chicken soup
This soup can be made in a rice cooker. This soup alone is good enough for dinner. Very tasty. Make it. You can add any vegetable you like.
◾Creamy Chicken Soup
Ingredients
300 grams of chicken
100 grams of carrots
100 grams of leeks
Onions 1
100 grams of broccoli (only if available)
Add a vegetable of your choice.
6 cloves of garlic
3 tablespoons of bread flour
3 1/2 cups of water
3/4 cup of milk
pepper salt powder
A little butter
1 tablespoon of oil
1 tbsp Gallic powder (only if available)
Method:-
Cut the carrot into squares. Cut the leeks into small pieces.
Chop the onion and garlic. Add water to the chicken, add some leeks, 2 cloves of crushed garlic, salt powder, 1/2 onion and boil it. Remove the foam from above.
You will feel better. Filter this stock. Add butter and oil to a pot and when it gets a little hot, add the remaining onion and garlic.
Don't let it happen. Add carrots, leeks and broccoli if you have it, boil it a little bit and add bread flour to it and mix it.
Now add the stock. Stir again. Add the diced chicken pieces.
Add fresh milk. Mix well. Add garlic powder if available. Finally add salt and pepper. According to taste.
This soup will thicken. When serving, put some chopped celery leaves on top.
Cut celery or leek leaves into small pieces. Add to food while hot. A very tasty soup.
Garlic and Ginger