Saturday, October 19, 2024
Follow Us
අල,බිත්තර ස්නැක් එකක්
අල,බිත්තර ස්නැක් එකක් හදලම බලලා කොහොමද කියලා කමන්ට් කරන්න අමතක කරන්න එපා ..
රස නියමයි ..ක්රිස්පි ගතියට තියෙනවා නියමයි
 
අවශ්ය ද්රව්ය 
පාන් පිටි කෝප්ප 1
පොල් තෙල් මේස හැන්දක්
ලුණු අවශ්ය තරමට
අනාගැනිමට වතුර .
බිත්තර 3, 4 හරි.
අල ගෙඩි 3
රට ළුනු ගෙඩියක්
අමු මිරිස් කරල් 2
ගම්මිරිස් කුඩු තේ හැදි බාගයක් විතර
කෑලි මිරිස් කුඩු තේ හැදි බාගයක් විතර
අවශ්ය තරමට ලුණු
 
පාන් පිටි ටිකකට හීනියට කපා ගත්ත කරපිංචා කොල ටිකක් , ලුණු ස්වල්පයක් දමා වතුර ටික ටික දමා දියාරු ගතියට බැටර් එකක් හදාගන්න ..
 
සාදාගන්නා ආකාරය .
 
මුලින් ම පාන් පිටි වලට ලුණු , තෙල් දමා හොඳින් කලවම් කරගෙන වතුර ටික ටික දමා හොඳින් අනා ගන්න .
ඇලෙන්නෙ නැති තරමට පිටි මිශ්රණය අනා ගෙන විනාඩි 2, 3 විතර යනකම් හොඳින් නීට් කරගන්න ..
විනාඩි 10 ක් විතර යනකම් වසා තියන්න ..
අල, බිත්තර තම්බා ගන්න .
පොඩි කරගත්ත අල වලට, ලුණු , ගම්මිරිස් කුඩු , කෑලි මිරිස් , රට ළුනු , අමු මිරිස් දමා හොඳින් අනා ගන්න ..
බිත්තර කපා ගන්න .
විනාඩි 10 කට විතර පස්සෙ පිටි මිශ්රණය සමාන කොටස් වලට කපා වෙන් කරගන්න ..
එක පිටි කොටසක් හොඳින් තුනි කරගන්න ..
ඇලෙන ගතිය තියෙනවා නම් තෙල් ටිකක් ගා ගෙන තුනි කරගන්න ..
කොටු හැඩයට කපා ⁣ගන්න
අල මිශ්රණය හොඳින් ගා ගෙන බිත්තර කැල්ලක් තියලා රොල් කරගන්න ..
⁣අවසාන තැනට වතුර ටිකක් හරි කලින් හදාගත්ත පිටි මිශ්රණයෙන් ටිකක් ගාගෙන අලව ගන්න ..
මෙ විදිහට සේරම ස්නැක් ටික හදාගන්න ..
කලින් හදාගත්ත දියාරු පාන් පිටි මිශ්රණයෙ හොඳින් දවටා ගෙන ගැබුරු තෙලේ ගින්දර අඩු කරගෙන හොඳින් බැද ගන්න ..
 

අන්තර්ජාලයෙන්