Saturday, October 19, 2024
Follow Us
අල, හාල් පිටි ස්නැක්
 අල, හාල් පිටි ස්නැක් ක්රිප්සි ගතියට තියෙනවා නියමයි ..
ලේසියෙන් හදාගන්න පුළුවන් .
මේ විදිහට කැමති නම් හදලා බලන්නකෝ . ඉදිආප්ප පිටි ගන්න පුළුවන් හාල් පිටි වෙනුවට ..
 
අවශ්ය ද්රව්ය 
අල ගෙඩි 2
හාල් පිටි 150g
කෑලි මිරිස් තේ හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
රට ළුණු ගෙඩියක්
අමු මිරිස් කරල් 3
කරපිංචා ඉත්තක්
කහ ස්වල්පයක්
ලුණු රස අනුව
වතුර ටිකක්
.
.
සාදාගන්නා ආකාරය.
  • මුලින් ම හාල් පිටි වලට ලුණු , කහ, ගම්මිරිස් කුඩු , කෑලි මිරිස් දමා නටන උනු වතුර දමා හොඳින් අනා ගන්න ටිකක් තද ගතියට ..
ඊට පස්සේ එකටම තම්බා පොඩි කරගත්ත අල , කපා ගත්ත රට ළුණු , අමු මිරිස් , කරපිංචා දමා හොඳින් අනා ගන්න ..
පිටි ටිකක් ලෑල්ලට ඉහාගෙන ටිකක් තූනි කරගෙන අවශ්ය ගානට කෑලි වලට කපා ගන්න ..
ඊට පස්සේ ගැබුරැ තෙලේ ගින්දර අඩු කරගෙන බැද ගන්න
 

අන්තර්ජාලයෙන්