Saturday, October 19, 2024
Follow Us
කීටෝ සොසේජස් ටැකෝස්

අවශ්‍ය ද්‍රව්‍ය

මොසරැල්ලා චීස් ග්‍රෑම් 112.5

පොල් පිටි ග්‍රෑම් 12.5(සුපිරි වෙළෙඳ සල්වල ඇත.)

සීලියම් හස්ක් මේස හැඳී 1ක් (සුපිරි වෙළෙඳ සල්වල ඇත)

සොසේජස් ග්‍රෑම් 100

ලූනූ ගෙඩි 1

මාළු මිරිස් කරල් 1

අමුමිරිස් ග්‍රෑම් 10

පිරිසුදු සුදු පොල් තෙල් මේස හැඳී 1ක්

අඩංගු පෝෂණය

සම්පූර්ණ කැලරි - 688

කාබොහයිඩ්‍රේට් - ග්‍රෑම් 23.6

සාදන ක්‍රමය

මොසරැල්ලා චීස්, පොල් පිටි, සීලියම් හස්ක් එකට දමා බ්ලෙන්ඩ් කරගන්න.

එම බ්ලෙන්ඩ් කරගත් චීස් කුඩු මිශ්‍රණය බේකින් ට්‍රේ එකේ අපිට අවශ්‍ය බචජධ ඵඩඥතත එකේ ප්‍රමාණයට රවුමට තුනී කරගන්න.

මෙම ප්‍රමාණයෙන් 5ක් සෑදිය හැකියි. ඉන්පසු සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 150 ට ප්‍රී හීට් කරගත් (රත් කරගත්) අවන් එකේ විනාඩි 7ක් පමණ බේක් කරගන්න. මෙහිදී රවුම වටේට ඨධතඤඥද ඡපධඹද කලර් එකක් එනවනම් එය නියම පදමයි. උඩින් බ්‍රවුන් වෙන්න ඕනි නෑ.

ඉන්පසු අවන් එකෙන් එළියට ගත්ත ගමන් ඝනකම සහිත ලී හැන්දක මිට උඩින් තිබා නමාගන්න. දුඹුරු පාට පැත්ත පිටට එන විදියට.

සොසේජස්, මාළු මිරිස්, අමුමිරිස්, ලූනූ, ගම්මිරිස් සහ සුදු පොල් තෙල් දමා මිශ්‍රණය තෙම්පරාදු කර සකස් කරගන්න.

ඉන්පසු මිශ්‍රණයෙන් ටික ටික ශෙල් වලට පුරවා ගෙන රස විඳීන්න.

(Tharuni)