Saturday, October 19, 2024
Follow Us
ස්ටීම් ඇපල් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

කොළ පැහැති ඇපල් ගෙඩි 03 යි
සීනි ග්‍රෑම් 200 යි
බිත්තර 03 යි
බේකින් පවුඩර් තේ හැඳි 1 යි
පාන් පිටි ග්‍රෑම් 100 යි
වියළි මිදි ග්‍රෑම් 100 යි
සාදික්කා කුඩු හෝ
කුරුඳු කුඩු තේ හැදි 1/2 යි
බටර් හෝ මාගරින් ග්‍රෑම් 125
ගොල්ලන් සිරප් මේස හැදි2යි
මිටි කිරි කොප්ප 1/4 යි
වැනිලා තේ හැඳි 02 යි

සාදා ගන්නා ආකාරය

උඩින් බඳුනකට හො තැටියට බටර් තවරා ගොල්ලන් සිරප් එතුළට දමන්න. ඇපල් පෙති වලට කපා පසකින් තබා ගන්න.බටර් වැනිලා සහ සීනි ක්‍රීම් වනතුරු ගසා බිත්තරද එක එක දමා හොඳින් ගසා ගන්න.බේකින් පව්ඩර් මිශ්‍ර කර හලාගත් පිටි හා කිරි ක්‍රම ක්‍රමයෙන් කලවම් කරන්න ගොල්ලන් සිරප් දැමු තැටිය මත ඇපල් පෙති කිහිපයක් අතුරා ඒ මත සාදක්කා කුඩු ස්වල්පයක් තවරා ගසා ගත් පිටි මිශ්‍රණයෙන් කොටසක් දමා නැවතත් එම ක්‍රියාව සිදුකර ඉහළ කොටස පිටි බැටර් එකෙන් පුරවා ගන්න. පුඩින් බඳුන ඇලුමිනියම්, පොයිල් කඩදාසියෙන් වසා විනාඩි තිහක් 45 ක් අතර කාලයක් හුමාලයෙන් තම්බාගන්න තැම්බුණු පසු නොපිට හරවා කස්ටර්ඩ් සමග පිළිගන්වන්න.

(Nawaliya)