Poems
-
Details
-
වෙලා ගේ දොර අඩිය තිබ්බා
සිනා යායක් පිපිලා වාගේ
ගෙදර සිරියා කමින් පිරුණා.............
සිවිවසක් මේ ගෙදර ඉදගෙන
නේක දුක් නුඹ දරා ගත්තා
ලේලියක් නොව දුවෙක් වාගෙයි
දෙවියන් ට වැරදිලා හිතුනා.................
දුවේ පපුවේ ඇවිලෙනවා ගිණි
වහන් කරගෙන මමත් හිටියා
පුතා ටික ටික වෙනස් වෙන හැටි
උඹ නොවෙයි මේ මාත් දැක්කා................
දෙන්නා අතරේ තියන ප්රශ්න ය
විසදේවි මම එහෙම හිතුවා
වදගෑණි දුවණියට කිව්වම
කදුළු මගෙ ඇස් වලින් පැන්නා...............
දරාගෙන මම තවත් හිටියට
පුතා කළ කී දේ ද දුටුවා
හංදියේ සුමනගේ කෙලීටත්
මගෙ එක්කාගෙන් ළමෙක් හිටියා...............
හැමදාම වගෙ හැංගි හොරහා
යනවා මේ මගෙ ඇසින් දැක්කා
උඹට නොපෙනුන හුගක් දවසට
අප්පා එක්කත් කියා ඇඬුවා....................
දවස් යද්දිම උඹට මේ ගැන
තේරුණා මම හොදට දැක්කා
දෑස් අඟකින් කදුළු ගලනවා
පිස පිසම උඹ සිනාසූවා.....................
අම්මා අප්පා නුඹේ නැති බව
එදා නුඹ කිය කියා ඇඬුවා
මතකයිද මම අම්මා වෙනවා
දිවුර දිවුරා උඹට කිව්වා....................
හැංගි හැංගී ගලන කදුළට
දරුසෙනෙහෙ හැංගිලද හිතුනා
තුරුළු කරගෙන උඹව පපුවට
ඉතින් මම අද නුඹෙ කදුළු පිස්සා................
ටික දොහක් පුතු නේනවා දැක
උඹේ දුක මම ඉතින් ගත්තා
දියණියේ මේ හිතම අහපන්
අම්මා හිත නිදහස් කෙරෙව්වා.................
මගේ පුතු ඌ දීග කනවා
වෙනත් ගෙදරක බින්න බැහැලා
ඔහුව අපි හිතින් අතහැර
දියණි නුඹ අපෙ හදට ගත්තා.............
පියෙවෙනා තුරු දෙනෙත් අපගේ
මව්පියන් අපි නුඹව රකිනවා
ඔහු නොවෙයි නුඹ තමයි දියණිය අපෙ
භවෙන් භවයට නුඹ ව පැතුවා....................