Saturday, October 19, 2024
Follow Us
ආදරේ කියන වචනය ඇතුලේ
ආදරේ කියන වචනය ඇතුලේ
මහා පරිණත බවක් බොරුවට
හිතේ මවා ගනිමින් මේ දවස් ගෙවන්නේ කොහොමදැයි නොදනිමි.
නමුදු ආදරය වෙනුවෙන්
නුඹට මානසිකව සහ කායිකව
උපරිම නිදහස ලබා දීමට
මම තීරණය කලෙමි.
නිතරම මා වෙතම
අවදානය දෙන්න යැයි කිසිම දිනයක
නුඹට කියා නැත.
නිදහසක් ලැබුන වහාම කතා කරන්න යැයි හෝ විවේකයක් ලැබුන විටෙක පණිවිඩයක් දෙන්න
මං බලන් ඉන්නවා යැයි පමණක් කියූවද
යටි හිත "අනේ මට පාලුයි" කියා යටි ගිරියෙන් කෑ ගසන්නේ නුඹ හැර මට තොරතෝන්චියක් නැතිව කතා බහා කිරිමට කෙනෙකු නැති නිසාය.
ඉස්සර නොවැරදිවම වෙලාවක් අවේලාවක් නැතිවම මගේ දුරකථනයට ඉස්පාසුවක් නොදී එක දිගට ලැබුණු පණිවිඩ
කෝටි ගනනක් තිබුන දවස් ඇත.
එහෙමමත් වෙලාවක පිලිතුරු යැවීමට
ප්රමාද වුන මොහොතක අමනාපෙන්
පණිවිඩ එවන එක පුරුද්දක් කරන්
ගෙවුන දවස් ද තිබී ඇත.
නමුත් ඒ ගෙවී ගිය දවස් ය...
නැවත එවැනි දවස් මුණ ගැහේවී යැයි බලාපොරොත්තුවක් වත් නැත.
ඒ තරමට අපි අතර දැන් හිස්තැන් ඇත.
ටොෆී කොලයකට ,පැරණි පණිවිඩයකට,
පැරණි ලියුම් කඩදහියකට,පැරණි හාදුවකට
මා කවදා පටන් ආදරේ කරන්න
පටන් ගත්තාද යන්න මතකයක් නැත.
එවැනි ලා බාල අදහස් කෙසේ හිතක අරක් ගත්තාද යන්න මතකයක් නැත.
නුඹ මගේ ජීවිතයට ආ දිනයේ පටන්
නොයෙක් විදි විප්ලවයන්
සිද්ධ වූ බව පමණක් දනිමි.
පෙර නොවූ පරිදි විපර්යාස
සිදු වූ බව පමණක් දනිමි.
හැමදෙයක්ම තප්පරෙන් තප්පරේට
වෙනස් වන බව දනිමි.
ඔබ පමණක් වෙනස් වන බව
පිලි ගැනිමට හිතට කැමැත්තක් නැත.
ඒ හෙයින් සංසාර චාරිකාවේ අවසානය තෙක් රැදේවි යැයි විශ්වාස කරනවා හැර වෙනදු විකල්පයක් නොදනිමි .
----------------------------------
මතක තියා ගන්න...
මොන ප්රශ්න ආවත්
දරාගෙන මං ඔයත් එක්ක ඉන්නවා.
මොන තරම් හිස්තැන් තිබුනත් ,දැනුනත්
මං ඔයාව විශ්වාස කරනවා.
මගේ ආදරේ මැරෙන ,දැවෙන දෙයක් නෙවෙයි.
මාත් එක්කම හුස්ම ගන්න දෙයක්.
මාත් එක්කම ජීවත් වෙන දෙයක්.
ඉතිං ආදරෙයි ...
හුස්ම වැටෙන තුරාවට නොසෑහෙන්න ...
එයිට වඩා දැනෙන,වටින වචනයක් මං ලග නෑ
මේ හැඟීම විස්තර කරන්න .
✍️හුස්ම