Tuesday, December 24, 2024
Follow Us
පෙර පාසල් දරුවන්ගේ  උදෑසන ආහාරවේලට වැඩි ප්‍රතිපාදනයක්

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය මගින්  2017 වර්ෂයේ සිට   අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාරවේල ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. 

මෙමගින් දැනට එක් දරුවෙකු සඳහා දිනකට රුපියල් 60/-ක් ලබා දෙනු ලබන අතර, 2025 වර්ෂය තුළ දරුවන් 155,000කට පමණ ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කෙරේ. 

වර්තමානයේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එක් දරුවෙකු සඳහා දිනකට වෙන් කර ඇති රුපියල් 60/-ක මුදල ප්‍රමාණවත් නොවන බැවින්, එම මුදල රුපියල් 100/- දක්වා වැඩි කිරීමටත්, "අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල්" යන නිර්ණායකය පදනම් කර ගෙන තෝරා ගනු ලබන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/පෙර පාසල්වල එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.